Ads 468x60px

.

ඇස්‌ යට කළුවී ඇති නිසා ශල්‍යකර්මයකට විද්ද එන්නත විෂවී එතනම මියගිය වෛද්‍යවරිය

මුහුණේ සුන්දරත්වය වර්ධනය කර ගැනීම සඳහා ශල්‍යකර්මයක්‌ කර ගැනීම පිණිස බම්බලපිටියේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථාන යකට ගිය කොළඹ ළමා රෝහලේ වෛද්‍යවරියක්‌ එන්නතක්‌ විෂවීමෙන් එම ස්‌ථානයේදීම ඊයේ (12 වැනිදා) මියගොස්‌ තිබෙන පිලිබඳ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙලෙස මියගොස්‌ ඇත්තේ පී. ඒ. ප්‍රියංගී නමැති හතළිස්‌හත් හැවිරිදි දරු දෙදෙනකුගේ මවක් වන අතර බම්බලපිටියේ මෙම පෞද්ගලික රූපලාවන්‍ය වෛද්‍ය මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගොස්‌ ඇත්තේ නිමල් ගමගේ නමැති වෛද්‍යවරයකු යෑයි හෙළි වී ඇති අතර එම වෛද්‍යවරයා පොලිසිය මගින් දැනට අත්අඩංගුවට ගෙන ඇති බවයි.


වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

ළමා රෝහලේ වෛද්‍යවරියගේ ඇස්‌ යට කළු වී ඇති නිසා ශල්‍යකර්මය ක්‌ මගින් එම ස්‌වරූපය වෙනස්‌ කර ගැනීමට මෙම සායනය වෙත ඊයේ (12 වැනිදා) දහවල් 1.30 ට පමණ ගොස්‌ තිබෙනවා. එහිදී අදාළ ශල්‍ය කර්මය සිදු කිරීමට පෙර ශල්‍යකර්මයට මුහුණදීමට සූදානම්ව සිටි

මියගිය වෛද්‍ය වරියගේ ගෙලෙහි වම් පැත්තට එන්නතක්‌ විද ඇති අතර එහිදී කැස්‌සක්‌ හටගෙන තිබෙනවා.

අදාළ සැත්කම සිදු කිරීමට සූදානම් වූ වෛද්‍යවරයා එහිදී තවත් එන්නතක්‌ විදීමත් සමගම වෛද්‍යවරිය නොසිතූ ලෙස මියගිය බව සැත්කම සිදු කිරීමට සූදානම් වූ වෛද්‍යවරයා පොලිසියට පවසා
තිබෙනවා. උදරයේ ඇති තෙල් මන්ද ගැනීම සඳහා මෙම එන්නත විද ඇති බව කියෑවේ.

මෙම සැත්කම් සිදු කළ වෛද්‍යවරයා එම්. බී. බී. එස්‌. වෛද්‍ය සහතිකය සහිත වෛද්‍යවරයකු යෑයි ද ඔහුට ලන්ඩන් නුවර පවා අදාළ උපාධි සහතික ඇති බවද පොලිසියට පෙන්වා
තිබෙනවා. නමුත් මෙම වෛද්‍යවරයා සතු ලියකියවිලි පිළිබඳ සැක මතුව ඇති බැවින් ඒ පිළිබඳ විශේෂ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම සිද්ධිය පිළිබඳ මූලික පරීක්‍ෂණ බම්බලපිටිය පොලිසිය මගින් සිදු කළ අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ඊයේ (12 වැනිදා) දහවල් කොළඹ අපරාධ කොට්‌ඨාසයට භාරදීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණි මතුරට මහතා පියවර ගෙන තිබිණි.

වරාය අධිකාරියේ ඉංජිනේරුවරයකු වන ගාමිණි චන්ද්‍රසේකර මහතා මියගිය කාන්තාවගේ සැමියා වේ. මියගිය වෛද්‍යවරිය මෙම පෞද්ගලික සායනයට මීට පෙරාතුව ද පැමිණ ඇතැයි අත්අඩංගුවට පත්ව සිටින සැකකාර වෛද්‍යවරයා පවසා තිබේ.

සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණි මතුරට මහතාගේ හා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහතාගේ උපදෙස්‌ මත බම්බලපිටිය පොලිස්‌ නිලධාරීහු විසින් සිදුකළ අතර වැඩිදුර පරීක්‍ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්‌ඨාසයට භාර දී ඇත. මියගිය මෙම වෛද්‍යවරිය නාවල, රාජගිරියේ පදිංචිව සිටින බව ද පොලිසිය සඳහන් කළේය.

මෙම ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ සඳහා අදාළ සැකකාර වෛද්‍යවරයා රුපියල් ලක්‍ෂ හතරක, පහක පමණ මුදලක්‌ අය කර ගන්නා බවත්, මොහුගෙන් සැත්කම් කර ගැනීම සඳහා මැති ඇමැතිවරු, ධනවතුන්, උගතුන් හා ඉහළ පෙළේ ප්‍රභූ පිරිස්‌ පැමිණෙන බව ද අනාවරණය වී ඇත.

මෙම සැකකාර වෛද්‍යවරයාට අයත් මෙවැනි මහල් නිවාස තුන හතරක්‌ ම කොළඹ ප්‍රදේශයේ ඇතැයි ද පොලිසිය අනාවරණය කරගෙන ඇත.
 
Related Posts with Thumbnails