Ads 468x60px

.

දුමිරියට පැන්න සෙව්මිණිගේ සියදිවි නසා ගැන්ම පිටුපස ඇති අද්භූත කතාවේ ඇත්තම කතාව.


කාවිංගා ටීචර් 
සහ සුගීතා ටීචර් 

අතර වෙනම 
කතාවක් එළියට...?

පසුගිය ජුනි මාසයේ ජාඇල ප්‍රදේශයේදී දුම්රියට පැන දිවිනසාගැනීමේ සිදුවීමට අදාල සෙව්මිණි නමැති පාසල් සිසුවිය ඒ වන විට ලිංගික අපයෝජනයට ලක්ව මානසික පීඩනයෙන් සිටි බව පාසලේ විනයභාර ගුරුවරිය වූ සුගීතා ගුරුවරිය හෙළිකර තිබෙනවා.

එම ගුරුවරිය පසුගිය සතිඅන්තයේ එක්තරා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඒ බව හෙළිදරව් කර තිබෙනවා.

එම හෙළිදරව්ව පහතින්.

”මට මේ දරුවව මුණගැහෙන්නේ 2012.09.20. එදා මම නිවාඩු හිටිය දවසක්. කාවිංගා ටීචර් තමයි මට මේ දරුවා හඳුන්වා දුන්නේ. මම දැනගෙන හිටියේ නෑ මේ දරුවාව. මේ දරුවාට තිබුණේ නීග්‍රෝ ජාතිකයකුගේ වගේ කොණ්ඩයක්. ඒ වලොවේ මම හිටියේ මීගමුවේ. 

කාවිංගා ටීචර් ෆෝන් එකෙන් කතා කරලා තමයි මට මේ දරුවා ගැන කිව්වෙ. අර නීග්‍රෝ වර්ගයේ කොණ්ඩය නිසා මම මේ දරුවා කියපු ගමන් අඳුර ගත්තා. ඒ දරුවා එතකොට අට වසරේ. මේ දරුවාව පවුලේ ඥාතියෙක් අපයෝජනය කරනවා. ගෙදර යන්න බෑ කියනවා කියලා
කාවිංගා ටීචර් මට කතා කරලා කිව්ව. 

කාවිංගා ටීචර් මට කතා කරන්නේ සුගීතා අක්කා කියලා. සුගීතා අක්කෙ සෙව්මිණීව අද සුගීතා අක්කලාගේ ගෙදර තියාගෙන අම්මා ආපුවම අම්මාට භාර දෙන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. දරුවාගේ අම්මා වැඩට යනවා. ඒ අතරතුර තමයි අර මනුස්සයා මේ දරුවව අපයෝජනය කරන්නේ.

ඊට පස්සෙ මම ඉස්කෝලෙට එනවා. එතකොට 2ට කිට්ටුයි. ප‍්‍රින්සිපල්, ප‍්‍රින්සිපල්ගෙ බිරිය පද්මණී ටීචර්, පාසලේ වැඩ කරන කම්කරුවා, කාවිංගා ටීචර් මේ සෙව්මිණි දරුවා මම යනකොට මඟ බලාගෙන හිටියා. ‘අනේ ටීචර් මේ දරුවා පරිස්සම් කරලා අම්මාට භාර දෙන්න. ගෙදර මල්ලී ඉන්නේ මල්ලී පොඩියි. 

ඒ නිසා දරුවා ගෙදර යන්න බෑ කියනවා, මේ දරුවාගේ ගමයි අපේ ගමයි අතරේ මීටර් 400ක විතර දුරක් තියෙන්නේ. ළඟම ඉන්නෙ මම. ඒ නිසා තමයි මට භාරදෙන්නෙ. මම දරුවාව අරන් යනවා. මඟදි දරුවා කියනවා ටීචර් කෙළින් පාරේ යන්න එපා…. මොකද ඒ පාරේ අර මනුස්සයා බලන් ඇති සමහර විට.

ඉන් පස්සේ මම වටෙන් මගේ ගෙදරට අරගෙන යනවා. අපේ ගෙදර ඉන්නෙ මමයි මගේ මහත්තයයි. මහත්තයා පොලිසියේ නිසා දුරක ඉන්නෙ. අපේ අක්කා ඉන්නේ මගේ ගේ ළඟමයි. ඒ නිසා අක්කාට කියන්නෙ නැතුව මට මුකුත් කරන්න බෑ. 

ඒ නිසා මම අක්කාට විස්තරේ ඔක්කොම කියනවා. මගේ අක්කාට මම කියන්නේ උක්කු කියලා. උක්කු මේ දරුවාව බලාගන්න කියලා මම ගියා 3.30ට තිබුණ ටියුෂන් එකකට ගිහිල්ලා එනකොට 6.30 විතර ඇති. මේ දරුවාගේ ….. කියන මාමා එතකොට ඇවිල්ලා මේ දරුවාව හොයන්න. නමුත් දරුවා ගිහින් නෑ.

අපේ අක්කාගේ දෙවැනි දුවගේ ඇඳුමක් ත‍්‍රී ක්වාටර් එකකුයි ටීෂර්ට් එකකුයි ඇඳන් තමයි සෙව්මි හිටියේ. මම දරුවාව හතට විතර ගෙදර එක්කරගෙන යනවා. ඒ යද්දිත් අම්මා ඇවිත් හිටියේ නෑ. අට කිට්ටු වෙද්දි තමයි අම්මා ආවේ. මම අම්මා එනකල් හිටියා. මම අම්මාට දරුවා භාරදීලා එදා මගේ රාජකාරිය ඉෂ්ට කරලා ගෙදර එනවා.

මේ දරුවා හැම දේම කියන්නේ කාවිංගා ටීචර්ට. ඉන් පස්සෙත් දරුවා නිතර නිතර කාවිංගා ටීචර්ට කියනවා නැවත අපයෝජනය වෙන බව. ඒ කරන සියලූ දේවල් ඒ ටූ ඉසෙඞ් කියනවා. මේ දේ දිගින් දිගටම සිද්ධවීම දරුවාටත් හොඳ නෑ. ඉස්කෝලෙටත් හොඳ නෑ කියලා අපි හිතනවා.

දරුවා ඇවිත් පන්තියේ දරුවන්ට කියනවා මේ වෙන සිද්ධීන්. ඒ නිසා මේවා වළක්වන්න ඕන. ඒ නිසා අපි දරුවාව කන්‍යාරාමයේ සිස්ටර්ට යොමු කරනවා මේ දරුවාට කවුන්සලින් කරන්න. ඒ අතරේ කාවිංගා ටීචර් මැදිහත් වෙලා දරුවාගේ අම්මා මේරිව ගෙන්නලා සියලූ දේ කියනවා.

අම්මා එකහෙළාම කියනවා එහෙම දෙයක් වෙන්න විදියක් නෑ කියලා. අම්මා පිළිගන්නෙ නෑ. අම්මා කියනවා මේ ළමයාට පිස්සුද කොහෙද, එහෙම දෙයක් වෙන්නෙ නෑ කියලා. අපි කියනවා එහෙනම් මේරි ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න දරුවාව.

ඊට පස්සෙත් දරුවා නැවත නැවතම මේ කතාව කියනවා. සිස්ටර් කියනවා වෙන කරන්න දෙයක් නෑ අපි මේ සම්බන්ධව නීතියෙන් කටයුතු කරමු කියලා. ප‍්‍රින්සිපල් දැනුවත්ව ළමා කාර්යාංශයට සිස්ටර් ටෙලිෆෝන් එකෙන් සිද්ධිය කියන්නේ ඊට පස්සෙ. පැමිණිල්ල කළාට පස්සේ ළමා කාර්යාංශයෙන් ආව බව අපි දැනගන්නේ 2012.11.23 වැනිදා. 

දරුවාට අතවර කරනවා කියන ….. පුද්ගලයා දරුවා හම්බවෙන්න එනවා ඉස්කෝලෙට. සෙව්මි හැංගෙනවා. අනිත් ළමයි ඇවිත් කියනවා ටීචර් අර මනුස්සයා සෙව්මිට කතා කරන්නයි හදන්නෙ කියලා. එදා මේ මනුස්සයා එයාගේ බිරියවත් එක්කගෙන ඇවිත් මේ දරුවාට කතා කරන්න හදනවා.

සර් ඉඩ දෙන්නෙ නෑ. එදා තමයි අපි දැනගත්තේ ළමා කාර්යාංශයෙන් මේ ගෙදරට ඇවිල්ලා පොලිසියෙන් මේ අයට එන්න කිව්ව බව. එතැනින් පස්සෙ දරුවා දවස් කීපයක් ඉස්කෝලේ එන්නෙ නෑ. දින කිහිපයකට පස්සෙ දරුවා ඇවිත් කියනවා පරීක්ෂණය කළා. මවුපියන්ට අවවාද කළා. දරුවාව පර්යේෂණයට භාජන කළා කියලා.

ඊට දවස් දෙකකට තුනකට පස්සේ දරුවාගේ තාත්තා අපේ ගෙදර එනවා. ඒ එනකොට අම්මා මට කෝල් එකක් දීලා කිව්වා ටීචර් දැන් සෙව්මිගේ තාත්තා එනවා ටීචර් කියන්න එපා පුද්ගලයාව කියලා. මම එදා තාත්තට මුකුත් කියන්නෙ නෑ. මොකද ප‍්‍රශ්න ඇති වෙන නිසා. අපේ ගෙදරිනුත් මට අවවාද කරනවා. මේ ගමේ මිනිස්සු සැරයි. ඒ නිසා මේකට ඔයා අත දාන්න එපා කියලා.

ඉන් පස්සේ මේ දරුවා මේ කතා කියන්න ආවත් මම ඇහුම්කන් දුන්නේ නෑ. මට ඇහුම්කන් දෙන්න විදියක් නෑ. නීතිමය පැත්තටත් වඩා ජීවිතේට තියෙන තර්ජනය නිසා. දරුවා ඇවිත් වෙනත් ගුරුවරුන්ට ඒ ගැන කියනවා. නමුත් මම ඇහුම්කන් දෙන්නෙ නෑ. මෙයාගේ යාළුවෝ ඇවිත් කියනවා ටීචර් අනේ සෙව්මි ගෙදර යන්න බෑ කියනවා කියලා. 

වාහනයක් දින දෙකක් ඉස්කෝලෙ ගාව නතර කරලා තිබුණා. සුදු වාහනයක් නතර කරලා කියලා සෙව්මි ආපසු එනවා. කාවිංගා ටීචර් දැනුවත්ව ප‍්‍රින්සිපල් සර් දැනුවත්ව මම මගේ බයිසිකලෙන් දින දෙකක් මේ දරුවාව බේරාගෙන අරන් ගියා. මගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතිව මම ඒ කටයුත්ත කළා.

අවශ්‍ය අවස්ථාවල උදව් කරනවා වගේම විනය භාර ගුරුවරිය විදියට මම අවවාද කරපු අවස්ථා තියෙනවා. 2013 දවසක මේ දරුවා යුනිෆෝම් එක හරියට ඇඳගෙන එන්නෙ නැතිව මම අවවාද කරනවා. විෂය භාර ගුරුවරිය මේ දරුවාට දිනක් අවවාද කරලා දරුවා පොත් ටික අරගෙන ඉස්කෝලෙන් යන්න යනවා. 

යන්න යනකොට වයිස් ප‍්‍රින්සිපල් දැකලා අඬගහගෙන ඇවිත් මෙයාට අවවාද කරනවා. අම්මාට කීප වරක් ඉස්කෝලෙට එන්න කියලා දැනුවත් කරනවා. මේ ආකාරයට 2013 ගෙවිලා යනවා. 2014දි කිවයුතු තරම් දෙයක් අපත් දරුවාත් අතර සිද්ධ වෙන්නෙ නෑ.

2014.06.06 වැනිදා (ඒ සෙව්මිගේ ජීවිතයේ අවසන් දිනයයි) දෙවැනි පීරියඞ් එකේදි මට කාවිංගා ටීචර් කතා කරලා දෙයක් කියනවා. සුගීතා අක්කෙ සෙව්මි දුන්නා කියලා සෙව්මිගේ අත්අකුරෙන්ම ලිව්ව දුරකතන අංක තුනක් මගේ අතේ තියනවා. 

මේ අංක තුනෙන් පුද්ගලයෙක් මැයි 29 වැනිදා ඉඳලා ? 10න් පස්සෙ සෙව්මිට කතා කරනවා කියන්නේ මොනවද සුගීතා ටීචර් ගැන. සුගීතා ටීචර් එක්ක ඇසුරක් පවත්වපු පුද්ගලයෙක් විදියට තමයි කතා කරන්නේ. කාවිංගා ටීචර් මෙහෙම කිව්වාම මට පුදුමයි. 

ස්පීකර් දාලා කාවිංගා ටීචර් ඉස්සරහම මම මුල්ම නම්බර් එකට සෙව්මි විදියට කතා කරනවා. ඒ මනුස්සයා දන්නේ නැති බව අඟවලා එහෙම කෙනෙක් නෙවෙයි කිව්ව නිසා මම ඊළඟ නම්බර්ස් දෙකට ට‍්‍රයි කළා.

ආන්සර් කළේ නෑ. නැවත මම පළමු නොම්මරයට කතා කරලා ඇත්තම විස්තරේ කියනවා. කතා කරන පුද්ගලයා කියනවා මම කදානේ හල්පනේ කෙනෙක් මම කිසිම දෙයක් මේ ගැන දන්නේ නෑ කියලා. පස්සෙ මම දරුවෙක් යවනව සෙව්මි හොයන්න. බලද්දි සෙව්මි එදා ඉස්කෝලේ ඇවිත් නෑ.

ඉන් පස්සේ මම මගේ වැඩ කරගෙන යනවා. නවයට විතර අම්මාට කෝල් එකක් ගත්ත. අම්මා ආන්සර් කළේ නෑ. පස්සෙ අම්මාගෙන් මිස් කෝල් එකක් තිබුණා. ඒකට අරගෙන මම කිව්වා සෙව්මි ගැන පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා සඳුදාට එන්න කියලා. අම්මා කියනවා හා ටීචර් එන්නම් කියලා.

ඉන්ටවල් කිට්ටු වෙනකොට කාවිංගා ටීචරුත් මමත් උගන්වමින් ඉන්නේ එකිනෙකට මුහුණු දාලා තියෙන පන්ති දෙකක. ටික වෙලාවකින් කාවිංගා ටීචර් අතින් මට පෙන්නනවා සෙව්මි ටැප් එක ළඟ ඉන්නවා කියලා. ඒ වෙලාවේ තමයි මම දකින්නේ සෙව්මි ඉස්කෝලේ ඇවිත් ඉන්න බව. 

සෙව්මිට පණිවුඬේ ඇරලා කම්පියුටර් රූම් එකට ගෙන්නලා ඇහුවා පුතේ මෙහෙම දෙයක් සිද්ධ වුණාද කියලා. ඔව් සිද්ධ වුණා. අර පුද්ගලයාට අපි නැවත ගන්නවා. සෙව්මි කියනවා අයියේ ඔයා මට කතා කළේ කියලා. එතකොට ඒ මනුස්සයා කියනවා හරි මම ඉස්කෝලෙට එන්නම් කියලා.

එතකොටම සෙව්මි කියනවා ටීචර් මේ අංක තුනෙන් පින්තූර තුනකුත් තියෙනවා. මොනවද පුතේ පින්තූර කියලා මම අහනවා. එකක සුගීතා ටීචර් ටවල් එක ඇඳලා. අනිත් එකක ස්කර්ට් එකක් ඇඳලා, අනිත් එකේ ඇඳුම් මුකුත් නෑ කියලා සෙව්මි කියනවා.

එතැනින් එහාට මේක මගේ ප‍්‍රශ්නයක්නේ. එන්න පුතේ යන්න කියලා මම ප‍්‍රින්සිපල් ළඟට එක්කගෙන යනවා. අර පුද්ගලයාත් ඉස්කෝලෙට එනවා. ඒ පුද්ගලයා බිල්ඩින් කන්ට‍්‍රැක්ටර් කෙනෙක්. එයා කියනව මම බැඳපු කෙනෙක්. මට දරුවෙක් ඉන්නවා. මේ වගේ වැඩක් කරන්නේ නෑ කියලා. අපි මුලින් දරුවාව එයාට පෙන්නන්නේ නෑ. 

පස්සේ පැත්තට දරුවාගේ මූණ යන්තම් පෙන්නුව. ඒ පුද්ගලයා කිව්ව දන්නෙ නෑ කියලා. ඒ පුද්ගලයා කිව්වා ෆොටෝසුත් ඇවිත් තියෙනවා නම් මෙමරියක් ඇතිනේ කියලා. ඒ පුද්ගලයා ගියාට පස්සේ අපි දරුවගෙන් ඇහුවා මෙමරිය තියෙනවද කියලා. මෙමරිය ගෙදර තියෙනවා දෙන්නම් කියලා කිව්වා.

මම ප‍්‍රින්සිපල්ට කියනවා අනේ සර් මට නම් බයයි. ඒ ගමේ මිනිස්සු අමුතුයි කියලා. ප‍්‍රින්සිපල්ගේ අවසරය මත කාවිංගා ටීචර්වත් එක්කගෙන මගේ බයික් එකේ දරුවා දාගෙන යනවා. අපි යද්දි ඒ ගෙදර දොරවල් වහලා තිබුණේ නෑ. දරුවා කාමරේට ගිහින් ඇදලා බලලා නෑ යාළුවෙක්ගේ ගෙදර තියෙන්නෙ කියලා කිව්වා. 

ඒ අතරේ මුලින් කියපු මාමයි, නැන්දා කෙනකුයි ….. කියන පුද්ගලයාගේ බිරියයි ගෙට ඇතුළු වෙනවා. ඒගොල්ලන්ට මම සිද්ධිය කියනවා. විස්තරේ කිව්වම මාමා කියනවා සෙව්මි මේවා සෙල්ලම් නෙවෙයි තියෙනවා නම් දෙන්න කියලා.

පුතේ එහෙනම් අම්මා එනකල් හරි ඉඳල මම මේක අරන් යනවා කියලා මම කියනවා. ටීචර් එක්ක අම්මා තරහෙන් ඉන්නෙ කියලා සෙව්මි කියනවා. මං සෙව්මිගෙන් අහනවා ඇයි පුතේ මට මෙහෙම කරන්නේ? මම ඔයාට කරපු උදව්වලටද ඔයා මට මෙහෙම කරන්නේ කියල. 

දරුවා මේක දෙන පාටක් නෑ. මගේ මූණ දාලා ඕන දෙයක් කරන්න පුළුවන් පුතේ කියලා මම කියනවා. ඊට පස්සෙ අපි දරුවා එක්කම ආපහු ඉස්කෝලෙට එනවා. ප‍්‍රින්සිපල් සර් දරුවගෙන් අහනවා කෝ මෙමරි කාඞ් එක කියලා. දරුවා එතකොට කියනවා බෝයිෆ්‍රෙන්ඞ් ගාව කියලා.

ඊට පස්ස 7, 8 පීරියඞ් වල දරුවා පන්තියට ගියා. අපිත් අපේ වැඩවල නිරත වුණා. හැබැයි මගේ හිතට හරි දුකයි. මෙච්චර උදව් කරපු දරුවා කියලා හිතුණා. පාසලේ විනය භාර ගුරුවරිය මම. උපදේශනය කරන්නේ මම. ශිෂ්‍යනායක මණ්ඩලය භාරව ඉන්නෙ මම. 

අංශ ප‍්‍රධානි මම. මගේ ප‍්‍රතිරූපය බිඳලා දාන්න කවුරු හරි කරන වැඩක්. මගේ සැකය වුණේ මේ දරුවාව කවුරු හරි මෙහෙයවලා තියෙනවා කියලා. එහෙම නැත්නම් මේ දරුවා කවදාවත් මේ විදියට හැසිරෙන්නේ නෑ කියලා.

ඉස්කෝලේ ඇරිලා 2.10ට මම පිටවීම අත්සන් කළා. පිටවීම අත්සන් කළත් කට්ටිය කතා වෙවී හිටියා මේ සිද්ධ වෙච්ච දේ ගැන. ඉන් පස්සෙ 2.40ට විතර කට්ටියම පිටවෙලා යනවා. නෙල්කා, කියන ටීචර් මට කියනවා සුගීතා අක්කේ පෙන්ෂන් පාටියක් තියෙනවා කියලා. 

මම ඒ ගෙදර ගිහින් ඒ ගැනත් කතා කරමින් ඉන්නකොට 3.20ට අර පුද්ගලයා කතා කරනවා. මං කිව්වා මේ ප‍්‍රශ්නය දුරදිග යයි වගේ ඔයාටත් එන්න වෙයි කියලා.

3.30ට ගෙදර යනවා. ගෙදර ගියාම අක්කාගේ පොඩි දුව කියනවා අන්කල් කෙනෙක් ඇවිත් පුංචිව හෙව්වා කියලා. මම දැනගත්තා ඒ සෙව්මිගේ මාමා තමයි කියලා. 3.45ට මට කෝල් එකක් එනවා. 

ශාන්ති කියලා ටීචර් කෙනෙක් කතා කළේ. මම නොගෙන ඉන්නත් හදලා ආන්සර් කරනවා. සුගීතා ටීචර් රාගම වල්පොළ දරුවෙක් කෝච්චියට පැනලා තියෙනවා ඒ සෙව්මි වගේ. මට හිතාගන්න බෑ. එක පාරට මගේ ඔළුවට ගලක් තිව්වා වගේ.

ඒ වෙලාවෙම නෙල්කා ටීචර් කතා කරලා තියෙනවා ප‍්‍රින්සිපල් සර්ගේ ගෙදරට එන්න. ඉස්කෝලෙදි සිද්ධ වෙච්ච දේ ගැන පොලිසිය දැනුවත් කරන්න ඕන කියලා.

හවස 5.30ට විතර මම අපේ ගෙදරට කෝල් කරලා ඇහුවා කවුරු හරි ආවද කියලා. අක්කාගේ දුව කියනවා ඔව් පුංචිව කට්ටියක් හොයනවා කියලා. පිරිමි දරුවෙක් ෆෝන් එක උදුරාගෙන ටීචර් කොහේද ඉන්නෙ කියලා අහනවා. ඒ රුසිරු. මගේ ගෝලයෙක්. රුසිරු මගෙන් අහනවා ටීචර් කවුද සෙව්මිගේ කොල්ලා කියලා. එතකොටම අක්කාගේ දුවට කවුරු හරි ගහනවා මට ඇහෙනවා.

ඊට පස්සේ මේ සියලූ කාරණා මගේ ජීවිතයට තර්ජනයක් කියලා මං හැංගෙනවා. ජීවිතේ බේරගන්න. එක රැයක් එක තැනක, තව රැයක් තව තැනක හැංගෙන අතරේ වෙනම කතාවක් එළියට එනවා. ඒ කාවිංගා ටීචර් සහ මගේ අතර තියෙන සම්බන්ධයක් ගැන.

ඊට පස්සේ මගේ වැඩ තහනම් වෙනවා. පළාත් කලාප දෙපාර්තමේන්තුවෙන් ඇයි මට මෙහෙම කළේ කියන එක මට ප‍්‍රශ්නයක්. මේ වෙද්දි මගේ රස්සාව නෑ. විදුහල්පතිතුමාටවත් කාවිංගා ටීචර්ටවත් මුකුත් නෑ. මේ දඬුවම මට විතරක් ලැබුණේ ඇයි?

සෙව්මි රැගෙන ගිය අද්භූත රහසේ පංගුකාරිය වෙමින් සදාකාලිකව විඳවන්න වූ සුගීතා ටීචර්ගේ අද තත්ත්වය එයාකාරය. මේ සුගීතා ටීචර් කියන කතාවය. සෙව්මිගේ සියදිවි නසා ගැන්ම පිටුපස ඇති අද්භූත කතාවේ ඇත්තම තත්ත්වය වැඩි කලක් නොගොස් දිය යටින් ගොඩට එන බව අපට විශ්වාසය. ඊටත් පස්සේ සෙව්මිට දෙව් මවු තුරුලේ හොඳ දරුවකු වීමට හැකි වෙනවා සිකුරුය.
 
Related Posts with Thumbnails