Ads 468x60px

.

කැමරාවේ ස්විචය වෙනුවට තුවක්කුව කොකා ගැස්සු තරුණයාගේ ඇත්ත කතාව


Facebook 
දමන්නට 
selfie 
ගන්නට ගිහින්.

කැමරාවේ ස්විචය වෙනුවට අත් වැරදීමකින් තුවක්කුවක කොකා ගස්සා ජීවිතක්ෂයට පත්වූ තරුණයෙකු පිළිබඳ පුවතක් මෙක්සිකෝවෙන් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

ඔහු එක් අතකින් තුවක්කුවක් තම හිසට ඉලක්ක කර අනෙක් අතෙහි කැමරාව තබාගෙන සිට ඇත. විදෙස් මාධ්‍ය පවසන්නේ, අත්වැරදීමකින් කැමරාවේ ස්විචය වෙනුවට ඔහුට තුවක්කුවේ කොකා ගැස්සී ඇති බවය.

සිය හිසට තුවක්කුවක් එල්ල කර එය ඔහු ම ඡායාරූපයට නැගීමට උත්සහ කර ඇත්තේ, Facebook වෙබ් අඩවියේ පළ කිරීමට බවයි
වැඩිදුරටත් වාර්ථා වෙන්නේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට
පත්වූයේ, 21 හැවිරිදි Oscar Otero Aguilar නමැති තරුණයෙකි.

පසුගිය වසරේදීද අමෙරිකාවේ Manuel Ortiz නමැති තරුණයෙකු ද සිය සොහොයුරිය සමග තුවක්කුවක් ඉලක්ක කර ස්වයං ඡායාරූපයක් ගැනීමට තැත් කළ අවස්ථාවේ අත්වැරදීමකින් ජීවිතක්ෂයට පත් විය.

මෙම මරණය පිළිබඳව මාධ්‍ය මගින් ඉදිරිපත් කෙරුණු ග්‍රැෆික් වීඩියෝවක් පහතින් දැක්වේ.

 
Related Posts with Thumbnails