Ads 468x60px

.

දේශපාලන බලපෑම් මත විශ්ව විද්‍යාලයීය කලා පීඨයට ඇතුලත් වූ සිසුවිය...

නියමිත වසරේදී අයෑදුම්පතක්‌ ඉදිරිපත් නොකළ ශිෂ්‍යාවක දේශපාලන බලපෑම් මත රුහුණ විශ්ව විද්‍යාලයීය කලා පීඨයට ඇතුළත් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පසුගිය 2011 වසරේදී උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි මෙම ශිෂ්‍යාව නියමිත පරිදි විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයෑදුම්පතක්‌ ඉදිරිපත් කර නැති බවයි. 


ඉන් පසුව ඇය විසින් 2013 වසරේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ අභියාචනයක්‌ අනුව එම ශිෂ්‍යාව රුහුණ විශ්ව විද්‍යාලයට ඇතුළත් කර තිබේ. මෙහි තිබෙන සුවිශේෂත්වය නම් 2013
ඔක්‌තෝබර් මස 7 වැනිදා ඉදිරිපත් කර ඇති අයදුම්පතට එම ශිෂ්‍යාව 2011/ 2012 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමය.

ඇය හා සමානව නියමිත පරිදි අයෑදුම්පත් ඉදිරිපත් නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිදෙදෙනකුගේ අභියාචනා සම්බන්ධයෙන් නොසලකා මෙම ශිෂ්‍යාවගේ අභියාචනය සලකා බලා ඇත්තේ දේශපාලන හේතුවක්‌ නිසා යෑයි ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම ශිෂ්‍යාවගේ අභියාචනයේ සඳහන් වන්නේ සිය මව හා පියා අසනීපවීම නිසා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අයෑදුම්පත්‍රය මිලට ගැනීමට නොහැකි වූ බවය. එම හේතුවම දක්‌වා අභියාචනා ඉදිරිපත් කළ සිසුවියෝ ඉහත සඳහන් කළ විසි දෙදෙනා අතර සිටිති. 


කෙසේ වුවද අධ්‍යයන වර්ෂයක්‌ ආරම්භ වී වසරකට පසු එම අධ්‍යයන වසර සඳහා අයෑදුම්කරුවකු ඇතුළත් කිරීම මෙන්ම ඇය වෙනුවෙන් පුරප්පාඩුවක්‌ පැවතියේ නම් නියමිත පරිදි අයදුම්පතක්‌ ඉදිරිපත් කළ සිසුවකු ඒ සඳහා ඇතුළත් නොකිරීම බරපතළ ගැටලුවක්‌ බව ද ඉහත ආරංචි මාර්ග කියා සිටියේය.
 
Related Posts with Thumbnails