Ads 468x60px

.

දුරකථනයෙන් ගුරුවරියකට අයුතු යෝජනාවක්‌ කළ දාහත් හැවිරිදි සිසුවා

ප්‍රසිද්ධ පාසලක 34 හැවිරිදි ගුරුවරියකට ඇගෙන් ඉගෙනුම ලබන සිසුවකු විසින් දුරකථනයෙන් කළ ලිංගික හිංසනයක්‌ සම්බන්ධයෙන් 17 හැවිරිදි සිසුවෙක්‌ අත්අඩංගුවට ගෙන ඇති පුවතක් බඩල්කුඹුර ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් සිසුවා එම පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර 34 හැවිරිදි ගුරුවරියට දුරකථනයෙන් කළ අයුතු ලිංගික

යෝජනාව පිළිබඳ එම ගුරුවරිය බඩල්කුඹුර පොලිසියට කළ පැමිණිල්ල කට අනුව සිද්ධියට සම්බන්ධ සිසුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ බඩල්කුඹුර කරවිල ප්‍රදේශයේ පදිංචි වයස 17 ක පාසල් සිසුවෙකි. අත්අඩංගුවට ගත් සිසුවා අද මොනරාගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව
තිබෙනවා

සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ මොනරාගල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස්‌ පරිදි බඩල්කුඹුර පොලිස්‌ ස්‌ථානාධිපති තිලක්‌ රත්නායක මහතා ඇතුළු නිලධාරීන් සිදු කරයි.
 
Related Posts with Thumbnails