Ads 468x60px

.

ශ්‍රී ලංකා ක්‍රිකට් කොල්ලෝ ඊයේ (26) අත දිග හැර පහර දුන්නේ මෙහෙමයි.


පළමු කඩුල්ල වෙනුවෙන් ටී. එම්. ඩිල්ෂාන් සහ කුසල් පෙරේරා එකතුව ගොඩනංවන ලද ලකුණු 120 ක ශක්‌තිමත් සම්බන්ධතාව පෙරටු කොට සංචාරක එංගලන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු එක්‌දින තරගයේදී ලකුණු 317 ක සටනක්‌ දිය හැකි ලකුණු සංඛ්‍යාවක්‌ එංගලන්ත පිල හමුවේ තැබීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ (26 දා) සමත්වුණා.

ආරම්භක පිතිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථකව සිටියදී එංගලන්තය සමග පුහුණු තරගයේදී ලකුණු අතරට පැමිණීමට සමත්වූ කුසල් පෙරේරා, පන්දු 74 කදී ලකුණු 59 ක්‌ රැස්‌කරගෙන සිටියදී දුවද්දී දැවී යැමකට හසුව ද ශ්‍රී ලංකා පිලේ විශ්වාසවන්තම පිතිකරුවා බවට

පත්ව සිටින කුමාර් සංගක්‌කාර ලකුණු 8 ක්‌ තුළදී දැවී ගියද බර කරට ගත් ඩිල්ෂාන් සහ මහේල දෙදෙනා 38 වැනි පන්දුවාරය වන විට ලකුණු 204 ක්‌ දක්‌වා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වුණා.


අවසන් තරග කිහිපයේදී පිතිකරුවන්ට හිමි පවර් ප්ලේ අවස්‌ථාව නිසියාකාරව ප්‍රයෝජනයට ගැනීමට අපොහාසත් වී සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ තරගයේදී 34 වැනි පන්දුවාර සිට 38 වැනි පන්දුවාරය දක්‌වා ලබාගත් අතර එහිදී ලකුණු 31 ක්‌ ලබාගනිද්දී එක්‌ කඩුල්ලක්‌ අහිමි කරගෙන තිබුණා.

ඉනිමේ කැපී පෙනුණු පිතිකරුවා වූ ඩිල්ෂාන් ශතකයට ලකුණු 12 ක්‌ තිබියදී (88) 0 දැවී යන විටත් පන්දු 98 කට පමණක්‌ මුහුණ දී
තිබුණා. ආරම්භයේ සිටම වේගවත් පහර එල්ල කිරීමට පෙළැඹුණු ඩිල්ෂාන් වෝක්‌ස්‌ගේ පන්දුවක්‌ හමුවේ පෙරළා ඔහුගේ අතටම උඩ පන්දුවක්‌ දී දැවී යන විට සිය ඉනිම හතරේ පහර 10 කින් අලංකාර කරගෙන තිබුණා.

පිටියට පැමිණි විගස තරමක්‌ අවදානම්කාරී පහර එල්ල කිරීමට උත්සාහ කළ මහේල ජයවර්ධන වේගවත් ඉනිමක්‌ ක්‍රීඩා කරමින් පන්දු 58 කදී ලකුණු 55 ක්‌ රැස්‌ කළේ එයට හතරේ පහර 5 ක්‌ අන්තර්ගත කරමිනි.

මෙහිදී මහේල සහ නායක මැතිව්ස්‌ අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක්‌ ගොඩනැංවුණු අතර එහිදී මැතිව්ස්‌ගේ දායකත්වය පන්දු 24 කදී (හයේ පහර 3 යි හතරේ පහරයි) ලකුණු 33 කි. 


ඉනිමේ ලකුණු වේගය වැඩි කිරීමට කරන ලද උත්සාහයකදී මොවුන් දෙදෙනාම ලකුණු සංඛ්‍යාව 253 ක්‌ව තිබියදී දැවී යැම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක්‌ ගෙන දෙනු ලැබුවා.

කෙසේ වෙතත් මැද පෙළින් සාර්ථක වූ තිරිමාන්න හතරේ පහර 3 ක්‌ සමගින් පන්දු 22 කදී ලකුණු 27 ක්‌ද ජීවන් මෙන්ඩිස්‌ හයේ පහර 2 ක්‌ සහ හතරේ පහර 2 ක්‌ සමගින් පන්දු 14 කදී ලකුණු 30 ක්‌ද ද වශයෙන් 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී නොබිඳුණු ලකුණු 54 ක්‌ ගොඩනැංවීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 300 සීමාව පහසුවෙන්ම පසුකර යැමට අවස්‌ථාව උදාවුණා. 


ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු පළමු කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක්‌ ගොඩනංවන ලද්දේ තරග 42 කට පසුව වීමද ඊයේ තරගයේදී කැපී පෙනෙන සිදුවීමක්‌ බවට පත්වුණා.

අවසන් වරට ආරම්භක පිතිකරු යුගලයක්‌ ශතක සම්බන්ධතාවක්‌ පවත්වා ඇත්තේ ඉකුත් 2013 වසරේ ජැමෙයිකාවේ පැවැති තරගයකදී වන අතර එහිදී මහේල ජයවර්ධන ලකුණු 107 ක්‌ සහ උපුල් තරංග නොදැවී ලකුණු 174 ක්‌ ලබාගත්තා. 

වර්ෂාව හේතුවෙන් පැයක ප්‍රමාදයකින් ඇරඹුණද පන්දුවාර සංඛ්‍යාවේ අඩු කිරීමකින් තොරවම පන්දුවාර 50 ඇරඹි මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඇලෙස්‌ටෙයාර් කුක්‌ ප්‍රථමයෙන් පන්දු යෑවීම තෝරාගත්තා

එහෙත් කාලයක්‌ තිස්‌සේ තරග නොපවත්වා තිබුණු ප්‍රේමදාස තණතිල්ල කදිමට පිතිකරුවන්ට සහාය ලබාදීම ශ්‍රී ලංකාවට වාසිදායක වූ එතර එය තරමක්‌ විශ්මය දනවන්නක්‌ බවටද පත්වුණා.
 
Related Posts with Thumbnails