Ads 468x60px

.

මුන් දරුවෝද, නැත්නම් යක්‌කුද..?- මවකට දරුවන් මෙහෙම කළේ ඇයි..?


දරුවන් හත්දෙනකු හදා උස්‌මහත් කළ මවක්‌ එම දරුවන් විසින් අත්හැර දමන ලදුව පාළු ගෙදරක තනිව සිටියාය. ඕ සිටියේ නිරාහාරවය. ඇයට කුසගින්නේ මිය යැමට ඉඩ නොදුන් පොලිසියේ විශිෂ්ට මහත්වරුන් කිහිපදෙනෙක්‌ ඇය පලාතොට වැඩිහිටි නිවාසයකට බාර කළහ. 

ඒ බව ආරංචිවූ ඇගේ දියණිවරුන් දෙදෙනෙක්‌ ඇය නිවාසයෙන් රැගෙන ගොස්‌ නැවත වතාවක්‌ පාළු ගෙදරක තනිකර දමා පැන ගියහ. මේ මවගේ
වයස අවුරුදු 87 කි. ඇගේ දරුවන්ගෙන් සමහරු රජයේ ආරක්‍ෂක අංශවල සාමාජිකයෝය. 

මේ සම්බන්ධයෙන් අප නගන පළමුවන ප්‍රශ්නය මෙසේය මුන් දරුවෝද, නැත්නම් යක්‌කුද? ස්‌ථිර වශයෙන්ම මුන් යක්‌ පැටවුන් විය යුතුය. මේ මව තම දරුවන් හත්දෙනා ප්‍රසූත කරන අතර නපුරු යකින්නක්‌ නපුරු යක්‌ පැටවුන් හත් දෙනකු ප්‍රසූත කළාය. 


කිසියම් අවාසනාවක්‌ නිසා මිනිස්‌ පැටවුන්ට යක්‌ පැටවු මාරු වූහ. මනුෂ්‍ය යන්ට වෛර කරන සාම්පලයේ යක්‌ පැටවුන් වර්ගයක්‌ වූ මුන් සිය මවට හිරිහැර කරන්නට වූහ. මේ සිද්ධිය අප දකින්නේ ඉහත සඳහන් විදියටය. යකුන්ට මිස මිනිසුන්ට තම අම්මාට මේ විදියට සැලකීමට බැරිය.

යුරෝපයේ මවුපිය දූ දරු සම්බන්ධයට වඩා, ආසියාවේ මවුපිය දූ දරු සම්බන්ධය දැඩිය. යුරෝපයේ දූ දරුවෝ සිය සොයුරු සොයුරියන්ට නම කියා කතා කරති. සිය පියාගේ දෙවන බිරියට හෝ මවගේ දෙවන සැමියාට නමින් කතා කරති. 


පළමු විවාහයේ දරුවන් විසින් දෙවන විවාහයේ දරුවන්ට සළකනු ලබන්නේ අර්ධ සහෝදර සහෝදරියන් ලෙසය. එහෙත් ලංකාව වැනි රටවල තත්ත්වය එයට හාත්පසින්ම වෙනස්‌ය. ගෞරවනීයය. ලංකාවේ හෝ ඉන්දියාවේ අර්ධ සහෝදර සහෝදරියන් නැත. 

සිටින තරමක්‌ සිටින්නේ සම්පූර්ණ සහෝදර සහෝදරියන්ය. සුප්‍රකට ඉන්දියානු නළු සල්මන් ඛාන්ගේ බාලම නැගණිය වූ කලී පාරෙන් අහුලාගෙන හදාගත් වීථි දැරියකි. එකී බාල නැගණියට මහත්සේ ආදරය කරන සල්මන් ඇය විවාහ වන විට පවුලේ සෙසු සොයුරියන්ට දුන් දැවැද්ද මෙන් දෙගුණයක්‌ දුන්නේය. 

සුවිශාල මන්දිරයක්‌ වාසස්‌ථානය ලෙස දුන්නේය. ආසියානු සංස්‌කෘතියේ පවුල් බන්ධනය එසේය. දරුවා යන සංකල්පය මිස දරුවා හදාගත් දරුවෙක්‌ද නැද්ද යන්න ආසියාවට වැදගත් වන්නේ නැත. අම්මාගේ සහෝදරියෝ ලොකු අම්මා - පුංචි අම්මා යනුවෙන් මාතෘත්වයේ විවිධ ප්‍රභේද වෙති. පියාගේ වැඩිමල් සහෝදරයා ලොකු තාත්තාය. එයද පීතෘත්වයේ ප්‍රභේදයකි.

එවැනි රටක මවකට දරුවන් මෙහෙම කළේ ඇයි?
 
Related Posts with Thumbnails