Ads 468x60px

.

අනර්කලීගේ විවාහය ලබන ජනවාරියේදී..?


කලින් කලට විවාහය පිලිබඳ විවිධ මත පලකළ අනර්කලී ආකර්ෂා ඉදිරි මාස කිහිපය තුල විවාහ වීමේ සූදානමක් ඇති බව අප වෙත වාර්තා වෙනවා. මෙයට පෙර පුවත්පත් වෙත ඇය පවසා තිබුනේ දිගටම තනිකඩව සිටින බවකි. 

වරක් ඇය පුවත්පතක් වෙත පවසා තිබුනේ ඇගේ කාර්යබහුලත්වය හේතුවෙන් ඇය විවාහ වුවහොත් එම විවාහයද කැඩී යන බවකි.

නමුත් මේ සියල්ල පසෙකලා අනර්කලී ඇමෙරිකාවේ වෙසෙන ලාංකික යෙකු හා අතිනත ගැනීමට මේ දිනවල ඇමෙරිකාවට ගොස් ඇති බවද අප වෙත වාර්තා වෙනවා. ඇය නැවතත් ලංකාවට පැමිණෙන්නේ ඇගේ

විවාහක සැමියා සමග බවද තොරතුරු මාධ්‍ය මගින් හෙළිකොට තිබුණා.

ලංකාවේ නමගිය රූපලාවන්‍ය ශිල්පීන් හා මංගල ඇඳුම් සකසන්නන් මෙන්ම ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකුද අනර්කලීගේ මංගල්‍යයේ වැඩ කටයුතු සඳහා ඇමෙරිකාවට ගොස් තිබෙනවා.
 
Related Posts with Thumbnails