Ads 468x60px

.

අපි ආදරය හොයාගෙන යද්දී අපි ඒ තැන්වල නවතිනවා තමයි - දැන් චන්න කියන කතාව.


චන්න ශී‍්‍ර FM ගුවන් විදුලියේ කියපු දේට හොදටම තරහ ගිය ගයාත‍්‍රි ඒ ගැන කිව්වේ “එයාට ආදරේ අඩුනම් මාධ්‍යයට කියන්න කලින් මට කියන්න තිබුනා” කියලයි. ඒ ගුවන් විදුලි වැඩසටහන ගයාත‍්‍රිට අහන්න බැරි උනත් වෙබ් අඩවි වල පලවෙලා තිබුන චන්න කිව්ව කතානම් ගයාත‍්‍රි දැක්කා කියලයි ගයාත‍්‍රි කිව්වෙ. 

නමුත් මේ ගැන චන්න ඊට පස්සෙ කියන්නෙ වෙනම කතාවක්. අපි චන්නටත් ඇහුම්කන් දෙමු.

ඔයත් ගයාත‍්‍රිත් වෙන් වෙලා කියල කාලයක් මධ්‍යයේ කතා වුණානෙ. ඒ කසුකුසුව යටපත් වෙලා තියෙද්දි පසුගිය සතියෙ ගුවන් විදුලි වැඩසටහනක ඔයා කළ කතා බහෙන් ඒ කතාව අලූත් වෙලා.

ඔය එක්තරා වෙබ් අඩවියක මං ගුවන් විදුලි නාළිකාවක කියපු දෙයක්නෙ වැරැදි විදියට අල්ලගෙන තියෙන්නෙ. මමත් අනෙක්

සාමාන්‍ය මිනිස්සු වගේ ලේ, මස්, ඇට නහර තියෙන, හැඟීම් තියෙන මනුස්සයෙක්. 

ආදරය ගැන ප‍්‍රශ්නයක් ඇහුවා. අවංකව මං උත්තර දුන්නා. කුණුවලට මිනිස්සු රහ වැටෙනවා. ඒවාට උත්තර බඳිනවා. මම මෙච්චරකල් ගොඩනඟාගත් වටිනාකමක් තියෙනවා. ඒකට මිනිස්සු ආදරේ කරනවා. තේරුමක් නැතිව උලූප්පපු පළියට මම ඒවාට සැලෙන්නේ නෑ.

ඔයා කියන්නෙ ඒ කතාව බොරුවක් කියලද?


මිනිසුන්ට පෞද්ගලික ජීවිතේ ගැටලූ ඇතිවෙන්න පුළුවන්. ඒත් ඒවා කලාවට අදාළ නෑ. ඒක පෞද්ගලිකයි. මම කියන්නෙ කලාකරුවා සහ ඔහුගේ නිර්මාණ ගැන සොයනවා හැර ඔහුගේ පෞද්ගලිකත්වය හාරා අවුස්සන්නෙ මොකටද කියලයි.

‘ගයාත‍්‍රිගේ ආදරය ලැබුණේ එක්තරා කාලයක නැවතුමක් ලෙසින් පමණක්‘ කියල ඔයා කිව්වේ ඇයි?


අපි ආදරය හොයාගෙන යද්දී අපි ඒ තැන්වල නවතිනවා තමයි. ඒක නවාතැන්පළක්. ඒක ඇත්ත. ඒත් ඒ කතාවෙන් වැරැදි අර්ථයක් ගන්නවා නම් ඒක සම්පූර්ණයෙන් වැරැදියි.

ඔයා හොයන්නෙ මොනවගේ ආදරයක්ද?


එහෙම කියන්න බෑ. ඒක සාපේක්ෂයි. ගයාත‍්‍රිත් මමත් ගත්තොත් මම හොයන සියයට සීයක් ඇය ළඟ නැති වෙන්න පුළුවන්. ඇය හොයන ආදරේ සියයට සීයක් මා ළඟ නැති වෙන්නත් පුළුවන්. 


ඒත් අපි එකිනෙකාට අනුගත වෙන්න ඕන. ඕක අපිට විතරක් නෙවෙයි හැමෝටම පොදු කාරණාවක්. එහෙම අනුගත වෙන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. බැරි අය වෙන් වෙනවා. ඒකනෙ වෙන්නෙ.

ඔයා හිතන විදියේ ආදරයක් තවමත් ලැබිලා නැද්ද?


ඒකත් පෞද්ගලික කාරණාවක්. ඒක මට ලැබෙන්නත් පුළුවන්. නොලැබෙන්නත් පුළුවන්. ජීවිතයට ඉඩ දෙනවා.

‘අංජලිකා චිත‍්‍රපටය තුළ තිබුණෙත් ඔයාගෙම ආදර කතාවක් කියන්නෙ ඇත්තද?


‘අංජලිකා‘ කියන්නෙ මගෙ හිතේ කැකෑරිච්ච විවිධ අත්දැකීම් ටිකක් තමයි. මම දන්න ඇසුරු කළ යුවතියක් හරහා අත්වින්ද අත්දැකීම් ටිකක්.

ඒ ආදරයට මොකද වුණේ?


සංසාරේ සමහර දේවල් ලැබෙනවා. සමහර දේවල් නොලැබෙනවා. එනවා. යනවා. සමහර දේවල් සුඛාන්ත බවට පත්වෙනවා. සමහර දේවල් ශෝකාන්තවලින් කෙළවර වෙනවා. ඒ ජීවිතේ හැටිනෙ.


මට ඕනෑ විදියේ ආදරයක් තවම ලැබිලා නැහැ - කියලා චන්න කියපු කතාවට ගයාත්‍රි කියන කතාව.
 
Related Posts with Thumbnails