Ads 468x60px

.

ඕනෙ කෙනෙක් වෙබ් අඩවිවල ඕනෙ එකක් දාගත්ත දෙන්. ඒත් චන්නට ගැලපෙන්නෙ පූජා - ගයත‍්‍රි ඩයස්


චන්න තවමත් ලාබාල කෙල්ලො එක්ක තුරුල් වෙවී පෙම් කරන කොට ගයත‍්‍රිට ඊර්ෂ්‍යා හිතෙනව නේද?

ඉස්සර නම් එහෙම හිතුනා. නමුත් දැන් මම ඉන්නෙ එහෙම ඊර්ෂ්‍යා හිතෙන වයසක නෙමෙයි. මම දැන් ඒ වයස පහුකරලා.

චන්න දරුවො දෙන්නෙකුගෙ තාත්තෙක්. කොල්ලො කරන වැඩ දැන් නතර කළොත් නේද හොඳ?


චන්නට තාම තරුණ පෙනුම තියෙනවා. ඒ හින්දා එයාට පෙම්වතාගෙ චරිතය රඟපාන්න පුළුවන්. ඒ නිසා ඒකෙ වරදක් මම දකින්නෙ නෑ.

රඟපෑම චන්නගෙ රැකියාවනෙ.

හොඳයි චන්නට ගැලපෙනම පෙම්වතිය කවුරු කියල ද ගයත‍්‍රිට හිතෙන්නෙ?


”මම නම් කැමතිම කාංචනා මෙන්ඩිස්ට, හැබැයි දැන්නම් පූජා හොඳයි කියලා හිතෙනවා.”

එතකොට යශෝධා විමලධර්ම, චතුරිකා පීරිස්, චයිත‍්‍රා චන්ද්‍රනාත් චන්නට ගැලපෙන්නෙ නැද්ද?
නොගැලපෙනවා නෙමෙයි, මං කිව්වෙ හොඳම කෙනා.

ඒත් චන්න නම් දවසක් දා කිව්වෙ යශෝධා චන්නට හරියටම ගැලපුණා කියලා.

ඒ චන්නට හිතෙන හැටි, මං කිව්වෙ මට හිතෙන හැටි.

හොඳයි එතකොට ගයත‍්‍රි ඩයස්, එයා චන්නට ගැලපෙන පෙම්වතියක් නොවෙයිද?


චන්න ගයත‍්‍රි ගැලපුණේ ඉස්සර. මම දැන් චන්නගෙ බිරිඳ මිස පෙම්වතිය නෙමෙයි

චන්න චිත‍්‍රපටි කිහිපයක්ම කළා. අංජලිකා කළා. ඔයාට චරිතයක් දුන්නෙ නෑ. කල්පාන්තේ සිහිනයක් කළා. ඒකෙත් ඔයාට චරිතයක් නෑ. ඇයි ඒ? ඔයාගෙ රඟපෑම් චන්නට එපා වෙලාද?


මාව පේන මානෙ තියාගෙන චන්නට වෙන නිළියො එක්ක පෙම් රැඟුම් රඟපාන්න බැරුව ඇති මං හිතන්නෙ. නැතත් ප‍්‍රධාන චරිතයට වෙනත් නිළියො අරගෙන මට සුළු චරිත දුන්නොත් මම කොහොමටවත් චන්නගෙ චිත‍්‍රපටිවල රඟපාන්නෙ නෑ. මම ගයාත‍්‍රි ඩයස්.

මට පේන්නෙ දෙන්න දෙමහල්ලො විරසකවෙලා වගේ?


අනිත් පවුල්වල තියෙනව වගේ පොඩි පොඩි ප‍්‍රශ්න නම් අපේ ගෙදරත් තියෙනවා….  ඕව කතා බහ කරලා හරි රණ්ඩු වෙලා හරි විසඳ ගන්නවා…. ඒවා කල් පවතින විරසක නෙමෙයි. බත් හැලිය ඉදෙනකම් විතරක් තියෙන විරසක.

එහෙනම් උන් හිටි ගමන් වෙබ් අඩවිවල ඔය දෙන්න දික්කසාද වුණා, දික්කසාද වෙන්න ගියා කියලා ප‍්‍රවෘත්ති පළවෙන්නෙ?


පුංචි සිද්ධියක් වෙච්ච ගමන්  ඕවා වෙබ් අඩවිවලට දෙන්නෙ කව්ද දන්නෙ නෑ. මොකක් හරි දෙයක් වෙලා ඒකට විසඳුමක් හොයනවා මිසක දික්කසාද වෙලා හරියනවද? දික්කසාද වුණාම සියලූම ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙනවද? නැහැනෙ.

කොහොම වුණත් ඔය කටකථා අපි නම් ගණන් ගන්නෙවත් නැහැ.  ඕනෙ කෙනෙක් වෙබ් අඩවිවල  ඕනෙ එකක් දාගත්ත දෙන්. අපිට මොකද?
 
Related Posts with Thumbnails