Ads 468x60px

.

ආණ්ඩුවේ ඉන්නවාට අතාවුදලාට මුදල්


මන්ත්‍රී දොස්තර පරාක්‍රම අතාවුදට අත යට මුදලක් ලැබී තිබේ. මුලදී සිරිසේන පාර්ශවයට එක් වන බවට දූසමාන ආරංචියක් පතුරා දින කිහිපයක් අතුරුදහන්ව සිටි පිය පුතු දෙපළ අදාල දීමනා ලබා ගැනීමෙන් පසුව යළිත් පැමිණ සිටිති.  

දේශපාලනය ආරම්භ කරන කාලයේ කුලී ගෙවල් වල ජීවත් වෙමින් අසීරුවෙන් ජීවිතය ගැට ගහගත් අතාවුද සෙනෙවිරත්න මේ වන විට

දේශපාලයෙන් සහ ප්‍රදේශයේ කප්පම් ගැනීමෙන් විශාල ධනස්කන්ධයක් උපයාගෙන තිබේ. වරක් ඔහුට කප්පම් නොදුන් වියාපාරිකයෙකුගේ දේපළ වලට හාණි කිරීම පිලිබඳවද ඔහුට එරෙහිව නඩුවක් තිබුණි.  

ඔහුගේ පුත් පරාක්‍රම අතාවුද රුසියාවේ වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට ගොස් දිගින් දිගටම විභාග අසමත් වීම නිසා වෛද්‍ය උපාධිය  ලබා ගැනීමට නොහැකි වී තිබේ. නමුත් කූට ලිපි යොදා ගනිමින් වෛද්‍ය උපාධිය ලැබූ අයෙකු ලෙස සීමාවාසික පුහුණුව ලබා ගැනීමට පරාක්‍රම අතාවුද සමත් වී තිබේ.

මෙම වියාජ උපාධි සහතිකය පිළිබඳව එවකට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයෙකු වූ වේළුමයිලුම් මහතා ප්‍රශ්න නගා තිබෙන අතර පසුව හොර රහසේම පරාක්‍රම අතාවුදව ඔහුගේ පියාගේ අමාත්‍යංශයේ  වෛද්‍ය උපදේශකවරයෙකු ලෙසට දේශපාලන පත්වීමක් දී ඇත. 


එදා සිට පළාත් සභාවට පත් වන තෙක් කිසිම රෝහලක සේවය නොකල  පරාක්‍රම අතාවුද සතියට දවසක් දෙකක් පියාගේ අමාත්‍යංශයට ගොස් පත්තර බලමින් වෛද්‍යවරයෙකුගේ වැටුප ලබාගෙන තිබේ. 

මේ කාලය තුල ඔහු අතාවුද සෙනෙවිරත්නගේ නමට නිකුත් කරන ලද සුපිරි රථයක්ද පාවිච්චි කොට ඇත​. වෛද්‍යවරුන් සඳහා නියමිත ACT-16 විභාගයද ඔහු කර නැත​.

අතේ සතේ නොමැතිව තුත්තිරි ගස් අල්ලාගෙන පැමිණි අතාවුද සෙනෙවිරත්නලා මේ වන විට කොලඹ විශාල ගෙවල් කීපයකද කෑගල්ල, කුරුණෑගල ප්‍රදේශයේ වතු වලටද හිමිකාරත්වය කියති. අතාවුද සෙනෙවිරත්නගේ අපොස සාමාන්‍ය පෙළ පමණක් සමත් තවත් පුතෙක්  නෙදර්ලන්තයේ තානාපති නිලධාරියෙකු ලෙසටද කටයුතු කරයි. 


- ඩී . දසුන් රාජපක්‍ෂ
 
Related Posts with Thumbnails