Ads 468x60px

.

දරුවන්ට නිවාඩු කාලේ බලන්න කාන්තා නිරුවත් රූප සහිත DVD පට


පාසල් දරුවන්ගේ නිවාඩු සමය ඉලක්ක කර මධ්‍යම පලාතේ අසභ්‍ය චිත‍්‍රපට අලෙවි කරන බවට දෙමව්පියන් චෝදනා කරනවා. මෙම ඩීවීඩි පටවල කවර වර්ණ කඩදාසියෙන් මුද්‍රණය කර ඇත්තේ කාන්තා නිරුවත් රූප සහිතවයි. 

මාතලේ නගරයේ සිට දඹුල්ල දක්වා හමුවන ප‍්‍රධාන උප නගර රැසක පිහිටි පෞද්ගලික සන්නිවේදන හුවමාරු මධ්‍යස්ථාන (communication) රැසක මෙම DVD පට අලවිය සඳහා තබා ඇති බවද වාර්තා වනවා.

විශේෂයෙන් පාසල් නිවාඩු සමයේ නිරන්තරව නගරවලට පැමිණෙන පාසල් දරුවන් මේවා මිලදිගන්නා බවත් එක් සි.ඩි. තැටියක් රුපියල්

150-200 ආදී මිල ගණන්වලට අලෙවි කරන බවත් දෙමාපියන් පවසනවා.

මෙම සංයුක්ත තැටිමත නිරුවත් කාන්තා රූප මෙන්ම ‘වැඩිහිටියන්ට පමණයි’ හා ‘අවුරුදු දහඅටට වඩා අඩු අයට විකිනීම තහනම්’ ලෙස මුද්‍රණය කර තිබෙනවා.

පවතින ගැටලුව එසේ සඳහන් කර තිබුනද මේවා මිළට ගැණීමට  දරුවන් පැමිණිමද ඒවා නැරඹිම තුලින් සමාජමය වශයෙන් ගැටලූ රැසක් ළමා මනස් තුළ ඇතිවීම වැලකිය නොහැකි කාරණ්‍යක් බවයි වැඩිහිටි මතය වී තිබෙන්නේ.

විශේෂත්වය වන්නේ මෙම සංයුක්ත තැටි මත වෙළෙඳ පොළට මේවා ලබාදෙන නිෂ්පාදිත සමාගම පැහැදිලිව සටහන් කර ඇති අතර චිත‍්‍රපටි ශාලා තුළට පමණක් සිමාවු මෙරට වැඩිහිටියන්ට පමණක්වූ චිත‍්‍රපට ගම්බද වෙළෙඳ සැල්වලටත් පැමිණිම බරපතල තත්ත්වයක් බවයි වැඩිහිටියන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිළධාරින් කිහිපදෙනෙකුගෙන් අප විමසිම් කළ අතර තවත් පුද්ගලයෙකුගේ දර්ශණ ව්‍යාජ ලෙස මුද්‍රණය කර විකිණීම බුද්ධීමය දේපල පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවත් සමාජමය වශයෙන් යම්කිසි පාර්ශ්වයක් ප‍්‍රචාරණය හරහා අගතියට පත්වන්නේනම් නිතිය තුළ ක‍්‍රියාත්මකවීම සඳහා ප‍්‍රතිපාදන පවතින බැව් ඔවුහු පෙන්වා දෙනවා.

කෙසේ නමුත් ඇතැම් වෙළෙඳසැල් හිමියන් අප සමග පැවසුවේ කොළඹ සිට මෙම සංයුක්ත තැටි අලවිය සඳහා රැගෙන එන පුද්ගලයන් සිටින බවත් මේවා අලෙවි කිරිම පිළිබඳ කිසිදු නීතිමය බාධාවක් තමන්ට නොමැති බවත්ය. තමන් අලෙවිය සඳහා තබා ඇත්තේ නිසි අවසරයකින් යුතුව මුද්‍රණය කර සංයුක්ත තැටි බවත් ඔවුන් අවධාරනය කරනවා.

ඔවුන් පවසන පරිදි නීතිමය වශයෙන් කුමන ප‍්‍රතිපාදන මේ සම්බන්ධයෙන් ඇතත් සමාජමය වශයෙන් මතුවට පැනනගින බරපතල ව්‍යවසනයන් පිළීබඳව මේ වෙළදසැල් හිමියන් හෝ මෙම සංයුක්ත තැටි නිෂ්පාදන සමාගම් වගකියන්නේද යන්න අප ඉදිරියේ ඇති ගැටලූවකි.

තමන් මේ සංයුක්ත තැටි පාසල් දරුවන්ට අලෙවි නොකරන බවත් ඒ පිළිබඳව වගකීමක් ඇති බවත් වෙළෙඳසැල් හිමියන් පවසනවා.

නොමේරු මනස් ඇති පාසල් දරුවන් හෝ වෙනත් දරුවන් විවිධ උපාය මාර්ග හරහා මේවා මිළදිගෙන ඇති බැවි අප කළ ගවේශණයේදි හෙලිවු අතර පසුගිය සමයේ මාතලේ දිස්ත‍්‍රික්කයේ පාසල්වල දැරිවියන් අවස්ථා කිහිපයකදි ගැබිනියන්වු  අයුරු මෙන්ම පේ‍්‍රම සමිබන්ධතා හේතුවෙන් පාසල් පමණක් නොව ජිවිතද අහිමි කරගත් අවස්ථා ඇතිබැව් මෙම සීඞී පට අලෙවි කරන්නන්ට සිහිපත්කර දීම මෙහිදී වැදගත් වනවා.

නිතිමය රාමුව කෙසේ වෙතත් සමාජමය වශයෙන් මේ හරහා ඇතිවන අතිශය බරපතල තත්ත්වය හඳුනාගෙන මෙම වියසනයෙන් සමාජය මුදවා දෙන්නැයි වැඩිහිටි දෙමව්පියෝ බලධාරින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
 
Related Posts with Thumbnails