Ads 468x60px

.

කඹයේ එල්ලුණ දැරිය වඩාගෙන බේරාගත් මරාගෙන මැරෙන්න සැරසුණු පියා


ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි මිය ගිය යුද හමුදා සෙබළකුගේ අනියම් බිරියක් සමඟ දැනට වසර 10කට පමණ පෙර ඇසුරක් පවත්වා ඇති පුද්ගලයකු පසුව ඇය තම නිවෙසට ගෙන්වා ගෙන තිබෙනවා. 

ඔවුන් දෙදෙනා අතර නිරන්තරයෙන් බහින්බස් වීම් සිදුව ඇති අතර, පසුගිය දිනෙක එම කාන්තාව ඔහුට දාව උපන් දැරිය හා ඔහු අතහැර
ගලෙන්බිඳුණුවැව තම නිවෙසට ගොස් තිබෙනවා.

එයින් කලකිරීමට පත් සැකකරු ඉකුත් 13 වැනිදා රාත්‍රි නිවෙසේ ‍ෙදාර ජනෙල් වසා
කඹයක ආදාරයෙන් තම දියණියද ඝාතනය කර සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබෙනවා.

අනියම් බිරිය තමන් හැර ගියේ යැයි මෙසේ කලකිරුණු කැකිරාව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මෙම පුද්ගලයා කඹයක එක් කෙළවරක් තම 5 හැවිරිදි දියණියගේ ගෙලෙහි ගැට ගසා අනෙක් කෙළවර තමන්ගේ ගෙලෙහි ගැට ගසාගෙන බාල්කයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර තිබෙනවා.

බාල්කයෙන් බිමට පනිද්දී කඹයේ අනෙක් කෙළවරේ දැරිය එල්ලෙනවා දැක ඇතිවූ ක්‍ෂණික කම්පනය හේතුවෙන් එම පුද්ගලයා දැරිය ඔසවා ගෙන කෑ ගසා ඇති අතර එම හඬ ඇසී ඔහුගේ මව හා අසල්වාසීන් පැමිණ වසා තිබූ ‍ෙදාර කඩා ඔවුන් දෙදෙනා බේරාගෙන
තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ දැරිය මේ වන විට කැකිරාව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, පියා කැකිරාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මිනී මැරීමට තැත් කිරීම සහ සියදිවි නසා ගැනීමට තැත් කිරීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරන බව පොලිසිය කියයි.
 
Related Posts with Thumbnails