Ads 468x60px

.

You Tube එකේ වැඩදාන කවුද මේ ගප්පියා


You Tube එකට දවසකට කීයක් නම් වීඩියෝ අප්ලෝඩ් වෙනවද? ඒත් ගප්පියට චැලේන්ජ් කරන්න කාටවත් බෑ. මොකද ගප්පියා ජෝක් කරන්නේ මුළු ඇඟෙන්ම. බොක්කෙන්ම. මේ ඉන්නේ එහෙම සතයක් වත් අය කරන්නේ නැතිව ඉල ඇදෙනකල් අපිව හිනස්සපු ගප්පියා.

කවුද මේ ගප්පියා? මොකක්ද මේ ගප්පියා You Tube එකේ කරන පෙරළිය?
පෙරළිය කියන්නේ මෙහෙමයි. ඒක පෙරළියක්ම නෙවෙයි. මගේ ආශාව ඉෂ්ට කරගන්න ගත්ත පොඩි උත්සාහයක්.


උත්සාහය පොඩි වුණාට දැන් වැඩේ ජනප්‍රියයිනේ. මේ වගේ වැඩක් කරන්න හිතුණේ ඇයි?

ඔව්.. ජනප්‍රියයි නේද? නිකං මට හිතුණ දෙයක්. ඕක ඉතින් ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. නිකං හිතුණා. කළා. වැඩේ අල්ලලා ගියා.

නළුවෙක් වෙන්න අවස්ථාවක් නැති නිසා නළුවෙක් වෙන්නද මේ උත්සාහ කරන්නේ...?
අපෝ නැහැ. මට නළුවෙක් වෙන්න අවශ්‍ය නැහැ. මගේ වචනයෙන් කිව්වොත් මේක ආතල් එකට කරන වැඩක්.


එතකොට ගප්පියා කියන නම?
ඒක ඉස්කෝලේ යන කාලේ ඉඳලා යාළුවෝ මට කතා කරපු නම. ඊට පස්සෙත් ඒ නම තමයි කට්ටිය පාවිච්චි කළේ. ඉතින් ඒ නමම මම මේකටත් දාගත්තා.


ගප්පියාගේ උප්පැන්න සහතිකේ තියෙන නම මොකක්ද?
තරිඳු විජේසිංහ. ඊට වඩා ගප්පියා කියන නම හොඳයි. මම කැමැතියි.

ගප්පියා කාවද ඛ්ධනර කරන්නේ?
මේක මම සාමාන්‍ය කතා කරන විදිය. මට කාවවත් ඛ්ධනර කරන්න ඕනේ නැහැ. කරන්නෙත් නැහැ. මම සාමාන්‍ය ඉන්න විදියටම තමයි වීඩියෝවල ඉන්නෙත්. ඉතින් සමහරු හිතනවා මම රඟපානවා කියලා. මම ඛ්ධනර කරනවා කියලා. මට ඉතින් ඒ අයගේ සිතුවිලි වෙනස් කරන්න බෑනේ ඕනෑ එකක් හිතපුවාවේ.


කොහොමද මේ වීඩියෝ කරන්නේ? කාගෙද තිර රචනය, අධ්‍යක්ෂණය, කැමරාකරණය කාගේද?
99% මම තනියම කරන්නේ. පිටපත ලියන්නෙත් මම. අවශ්‍යම වුණොත් විතරක් තව එක්කෙනෙක් දෙන්නෙක් සහභාගි කරගන්නවා. ඒ හදිස්සියේවත් චරිතයක් ඕනෑ වුණොත් විතරයි.

රඟපාන්නයි, කැමරා කරන්නයි දෙකම එකට කරන්න බෑනේ..
අපෝ පුළුවන්.. කැමරාවයි, නෝට් පෑඩ් එකයි ඔන් කරලා මට ඕන තැන්වලින් තිබ්බා. රඟපෑවා. කවුද කියන්නේ බැහැ කියලා.

දැන් ඔය ඔක්කොම සෙල්ලම් දාන්නේ ලංකාවේ ඉඳන් නෙවෙයිනේ?
ඔව්නේ... මට ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්න ඕන වුණා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට ගියා. ඒක කෙළ වුණානේ. ඉතින් මම අතරමඟ ඉගෙන ගැනිල්ල නැවැත්තුවා.


ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට වෙලා මොකද කළේ?
පිඟන් කොප්ප හේදුවා. ලංකාවෙ භාෂාවෙන් කිව්වොත් වළං හෝදනවා. ලංකාවට ආවේ ඒ බ්ධඡ එකෙන් අයින් වෙලා. ආයේ ගියාම කරන්නේ වළං හෝදන එකම තමයි.


දැන් හිටි හැටියේ ලංකාවට ආවේ....?
අවුරුදු 10කට පස්සේ ලංකාවට ආවේ. පසුගිය කාලේ මට එන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙ නැහැ. කාලය ආවාම ඉතින් මම ආවා. මට හිතුණා එන්න ඕන හොඳම කාලය මේක කියලා.

කවද්ද ආපහු යන්නේ?
තව මාසෙකින් යනවා.


කොහොමද ලංකාවට ආවාට පස්සේ ලැබෙන ප්‍රතිචාර?
ඉහළයි... මට හිතාගන්නත් බැරිවුණා. සතුටුයි.

ඉතින් කාගෙන්ද ප්‍රතිචාර වැඩි?
කොල්ලන්ගෙන් තමයි. කෙල්ලෝ වැඩිපුර මගේ ඍඪඤඥධ බලන්නේ නැහැ මම හිතන්නේ. මොකද ප්‍රසිද්ධ මාධ්‍යවල කියන්න බැරි වචන මගේ ඍඪඤඥධ වල තියෙනවා. ඉතින් කෙල්ලෝ හිතනවා ඇති මූට පිස්සු, මූ මහ වලෙක් කියලා.


ගප්පියාට, රූපවාහිනි වැඩසටහන් කරන්න ආරාධනා ලැබුණේ නැද්ද?
ආවා. ඒ වුණාට මම කැමැති නැහැ. නිකං බැරි වැඩ කරන්න ගිහිල්ලා මම නෝණ්ඩි වෙන්න ඕනේ නැහැ.

එතකොට නළුවෙක් වෙන්න?
ආරාධනා නම් ලැබුණා ඕවා මට ඉඥබ වෙන එකක් නැහැ.


වීඩියෝ කරලා යූටියුබ් දාන්නේ ආසාව නිසාම වෙන්න බෑනේ. ආර්ථික වාසියකුත් ඇතිනේ?
කිසිම වාසියක් නැහැ. ඇඟේ අමාරුවට කරන්නේ.


ඇත්තටම මේ වගේ වීඩියෝ කරලා බලාපොරොත්තු වන්නේ මොනවාද?
මිනිස්සුන්ව හිනස්සන එක තමයි. ඒක හරි අමාරු වැඩක්නේ. ඒක තමයි එකම අරමුණ. වෙන දෙයක් නෑ.

ආදරවන්තියක් නැද්ද?
මොකෝ නැත්තේ. ඉන්නවා ඉන්නවා.


කවුද කියලත් කියමුද?
කිව්වට දන්නේ නැහැනේ... මගේ ඍඪඤඥධවල ඉන්න සුදු කෙල්ල තමයි මගේ් කෙල්ල.


ගෙදර විස්තර කොහොමද?
මම ඉන්නේ මහරගම. අම්මයි තාත්තායි, අයියයි, නංගියි පවුලේ ඉන්නේ.
 
Related Posts with Thumbnails