Ads 468x60px

.

අසංස්කෘතික ලංකාව සහ සංස්කෘතික ඕස්ට්‍රේලියාව​


කාලාන්තරයක් පුරා සිංහල, දෙමල මුස්ලිම් යන සියලුම ජනතාව අයත් වන ශ්‍රී ලංකික ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න දෙස බලන විට පෙනී යන්නේ එකී ගැටළු බොහොමයක් පැන නැගී තිබෙන්නේ මේ රටේ ඇති සංස්කෘතික දරිද්‍රතාවය නිසාය.

අතීතය ගැන සලකා බැලීමේදී ශ්‍රී ලංකාව යනු කිසි දිනෙක උසස් සංස්කෘතියක් තිබු ජාතියක් නොවිය.මෙරට ජනතාව තමන්ව පාලනය කිරීම සඳහා තෝරා ගත්තේ මිනි මරණ, පොදු දේපල හොරකම් කරන, කුඩු කසිප්පු විකුණන, දේශීය ගං කබරයන් පිරිසකි.

මේ පාලකයන්ට මෙන්ම පාළිතයාටද  සංස්කෘතියක් නැත. ඒ නිසා සෑම  මැතිවරණයකදීම රටේ පාලනය භාර දීම සඳහා ජනතාව පත් කරන්නේ නුගත් මැරයන් පිරිසකි. ලාංකික ජනතාවට උසස් සංස්කෘතියක් තිබුනේ
නම් තමන් පාලනය කිරීම සඳහා ගං කබරයන් පත් කර ගන්නේ නැත.

අසංස්කෘතිය මේ රටේ සෑම අස්සක්  මුල්ලක් නෑරම පැතිර තිබේ. මේ රටේ කසල ඉවත් කිරීමේ සංස්කෘතියක් නැත. මානව ගනුදෙනු වලදී සංස්කෘතියක් නැත. එසේම මේ රටේ මහා මාර්ගයේ වාහන ධාවනයේ දී කිසිම සංස්කෘතියක් නැත. මේ රටේ ජනතාවක් කියා කෙනෙකු නැත.   සිටින්නේ අසංස්කෘතික අර්ධ වනචාරී ගෝත්‍රිකයන් පිරිසකි. ඒ නිසා මේ රට කවදාවත් ශිෂ්ඨත්වයට පත් වන්නේ නැත.

අපේ චන්ද කෙරුවාව සහ සුද්දාගේ චන්ද කෙරුවාව සසඳා බලන්න. මේ ලියන්නේ වර්ණ වර්ණකුලයි.

පෙරේදා නොවැම්බර් 29 දා ඕස්ට්‍රේලියාවේ අප ජීවත් වෙන වික්ටෝරියානු ප්‍රාන්තයේ මහා මැතිවරණය පැවතුනා . අවුරුදු 4 කට වරක් පැවැත්වෙන මෙම මහා මැතිවරණයට අවුරුදු 60 කට පසු එක් වතාවක් (අවුරුදු 4ක්) පමණක් බලයේ සිටි ලිබරල් පක්ෂය පරදා ලේබර් පක්ෂය ජය ගත්තා.


මෙහි පුරවැසි සැම වයස 18න් ඉහල කෙනෙක්ම චන්දය ප්‍රකාශ කල යුතු අතර සැම චන්ද මධ්‍යස්ථානයක්ම කිසිම ආරවුලක් නැතුව ජනතාව සවස 6 වෙනකම් චන්දය ප්‍රකාශ කල අතර බොහෝ ස්ථානවල චන්ද අපේක්ෂකයන් චන්ද ලකුණු කරන්නේ කෙසේද යන උපදෙස් පත්‍රිකා බෙදාදෙමින් සිටීමද සාමාන්‍ය දෙයක් වුනා.

සවස චන්දය අවසන් වු පසු ප්‍රධාන ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා මගින් සවස 7:30 න් පසු ඒ ඒ චන්ද ගණන් කරන ස්ථාන වලින් ලැබෙන ප්‍රතිපල අනුව, ආසනයෙන් ආසනයට චන්ද ප්‍රතිපල ප්‍රතිශත සමග ප්‍රකාශ කරනලද අතර රාත්‍රී 9;45 වෙනකොට ප්‍රතිඵල විශාල ප්‍රමාණයක් නිකුත් වූ අතර පැරදුනු ලිබරල් පක්ෂයේ මහාමාත්‍ය (Premier) සිය ප්‍රධාන චන්ද මධ්‍යස්ථානයේ සිට ජාතිය අමතා පළමුවෙන්ම ජයගත් ලේබර් පක්ෂයේ නායකයාට තමා කථා කර ජයග්‍රහණයට සුබ පැතු බවත් පරාජය සහ ජනතා තීන්දුවට හිස නමමින් පක්‍ෂ නායකත්වයෙන් තමා ඉල්ලා අස්වී නවපරපුරට නව නායකයෙක් පත් කරන ලෙස ඒ මහත්මා දේශපාලකයා (ශ්‍රී ලංකාවට නුසුදුසු වචනයක් ) පැවසුවා.

ඊට පසු ජයගත් ලේබර් පක්ෂයේ නායකයා, නව මහාමාත්‍යය වරයා සිය ප්‍රධාන චන්ද මධ්‍යස්ථානයේ සිට ජාතිය අමතා පළමුවෙන්ම පරාජය ලද මහා ඇමති වරයාට ඔහුගේ සිව් වසරක පාලන කාලයට ස්තූති කර දේශපාලනයෙන් සමුගන්නා ඔහුට සුබ පතා තම පක්ෂය දිනවු සැමට, ස්වෙච්ඡාවෙන් වැඩ කල සැමට ස්තුති කර ඊ ලඟ දිනයේ සිට නව රජයේ වැඩ කටයුතු ඇරඹීම පටන් ගන්නා බව සඳහන් කලා.

පෙරේදා රෑ 10:30 වෙනකොට චන්දය අවසන් වූ පසුත් , ප්‍රතිපල නිකුත් කරන කාලය තුලත් අද දවස තුලත් කිසිම තැනක ගිනිකෙළි, රතිඤ්ඤයක් පත්තු වුනේ නැහැ කිසිම ගෙයක් ,ගොඩනැගිල්ලක් චන්ද දිනාපු පක්‍ෂ සාමාජිකයෝ ගිහින් හානි කලේ හෝ කරන්නේ නැහැ.

අදත් , ගිය සුමානේ වගේම,හෙටත් අනිද්දාත් සාමාන්‍ය දවස්. කාටවත් ස්ථාන මාරුවීම් නැහැ පලිගැනීම් නැහැ. වසර 2500ක පම්පෝරිය උරච්චී කරන සකල සිරින් පිරී සිරි ලංකාවේ සහ සුළු ඉතිහාසයක් ඇති ඕස්ට්‍රලියාවේ වෙනස මේකය.
 
Related Posts with Thumbnails