Ads 468x60px

.

ශිෂ්‍යාවකට විද්‍යා විෂය වෙනුවට කාම කලාව උගන්වා පසුව ඇය දූෂණය කල ගුරුවරයා


තම විද්‍යා උපකාරක පන්තිය වෙත පැමිණි 15 හැවිරිදි ශිෂ්‍යාවකට විද්‍යා විෂය වෙනුවට ඇයට කාම කලාව උගන්වා පසුව ඇය දූෂණය කර ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරි බව කියන ප්‍රධාන ජාතික මිශ්‍ර පාසලක තරුණ විද්‍යා ගුරුවරයකු පිලිබඳ පුවතක් මීගමුවෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇප ප්‍රතික්‍ෂේප වී රිමාන්ඩ් භාරයට පත් කළ තරුණ විද්‍යා ගුරුවරයා

වූයේ ඉපලෝගම පුංචිකුලම නව ජයගහ පාරේ පදිංචි සංජීව රුවන් ප්‍රේමරත්න නමැති විවාහකයෙක් බවයි. 

මෙම විවාහකයාට එරෙහිව ජාතික ළමා රක්‍ෂක අධිකාරිය වෙත පැමිණිලිකර ඇත්තේ එම ගුරුවරයා අතින් දූෂණයට ලක්‌වූ ශිෂ්‍යාව සහ ඇගේ මව බව පැමිණිල්ලේ සඳහන් වනවා.

එම
ගුරුවරයාට එරෙහිව ජාතික ළමා රක්‌ෂක අධිකාරිය මගින් ගොනු කළ පැමිණිල්ලේ සඳහන් පරිදි අතවරයට පත් 15 හැවිරිදි ශිෂ්‍යාව කොටදෙනියාව ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය 1 වසර පන්තියේ සිට අදාළ ජාතික මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන්නීය. ඇය 7 වසර පන්තියේ ඉගෙනුම ලබද්දී ඇය එම පාසලේ ඉංග්‍රීසි ගුරුවරයකු වන උපුල් නිශාන්ත යන අය අතින් ලිංගික අපයෝජනයට ලක්‌වූ බව පැමිණිල්ලේ සඳහන් වේ.

ඉන් අනතුරුව ඇය 10 වසර පන්තියේ ඉගෙනුම ලබද්දී මෙම නඩුවේ සැකකරුවන සංජීව රුවන් ප්‍රේමරත්න නමැත්තා විසින් පැවැත්වූ විද්‍යා උපකාරක පන්තියට සහභාගි වූ බව පැමිණිල්ලේ සඳහන් වේ. 


පසුව තමා කලකට ඉහත උපුල් නිශාන්ත සර් ගෙන් ලිංගික අතවරවලට ලක්‌වූ බව මෙම නඩුවේ සැකකාර විද්‍යා සර්ට (සංජීව රුවන් ප්‍රේමරත්නට) දැන්වූ බව පැමිණිල්ලේ සඳහන්වේ. ඉන් අනතුරු විද්‍යා ගුරුවරයා (සැකකරු) ශිෂ්‍යාව දූෂණයට ලක්‌ කොට ඇත. 

ඇය සමග සැකකරු නිතර නිතර ලිංගිකව එක්‌වූ බව පැමිණිල්ලේ සඳහන්වේ. කෙසේ වෙතත් ශිෂ්‍යාව ගැබ් ගැනීම වැළැක්‌වීම සඳහා විද්‍යා ගුරුවරයා දැරිය උපත් පාලන පෙති බීමට යොමු කළ බව පැමිණිල්ලේ සඳහන් වේ.

තම පාසලේ ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයේ තිබෙන දුටු අදාළ විදුහලේ විදුහල්පතිවරයා ශිෂ්‍යාව සහ මව ගෙන්වා ප්‍රශ්න කිරීමේදී මෙම සිද්ධිය පිළිබඳව අනාවරණයවී ඇත. ඉන් අනතුරුව සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණයේදී ශිෂ්‍යාව දූෂණයට ලක්‌ව ඇති බව අනාවරණය වී තිබේ.


මෙම තත්ත්වය යටතේ අදාළ පාසල් සිසු සිසුවියන්ගේ දෙමාපියන් බලවත් නොසන්සුන්තාවකට පත්ව ඇත. පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය දෙසැම්බර් 11 වැනි දින පැවැත්වේ.
 
Related Posts with Thumbnails