Ads 468x60px

.

මාපලගම විමලරත්න කට අරී - ගිනි තියාගන්නේ මැරෙන්න නොවේ


ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් තමන් ගිනි තබාගන්නවා යැයි කීව ද එම ගින්නෙන් දිවි හානි කරගන්නවා යැයි නොකී බව නීතීඥ මාපලගම විමලරත්න මහතා පවසයි. ඔහු නක්ෂත්‍රකරුවෙකි.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

මා කිසිම අවස්ථාවක දී දිවි නැතිකරගන්නවා යැයි කියා නැහැ. මා කීවේ ගිනි තබාගන්නා බව පමණයි. මා මේ ප්‍රකාශය කළ අවස්ථාවේ දී
බද්දේගම මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ ගිනි තබාගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් මා සියදිවි නසා ගැනීමට උත්සාහ ගැනීමේ වරදකට හසුවන බව. නමුත් මා එවැන්නක් කියා නැහැ. මා කියා ඇත්තේ ගිනි තබාගන්නවා යැයි කියා පමණයි.

මා එදා ජනාධිපතිතුමා දිනනවා යැයි කියූ අනාවැකිය වැරදී ගියා. දැන් මා ගිනි තබා ගන්නවා. රූපවාහිනී ආයතනයකට සරමක් ඇඳනෙ ගිහින් සරමට ගිනි තබා ගන්නවා. සරමට ගිනි ඇවිලෙන විට වටේ සිටින අය ඒ ගින්න නිවා දමන බව මා දන්නවා. කිසිම පුද්ගලයෙක් තවත් අයෙකුගේ සිරුරට ගිනි ඇවිලෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මගේ ජීවිතය බේරෙනවා. ඉදිරියේ දිනක එදා මා පැවසූ පරිදි ගිනි තියා ගන්නවා.  
 
Related Posts with Thumbnails