Ads 468x60px

.

සියලු පාර්ශ්‍රව වලට ස්තූතියි - මෛත්‍රි‍යෙන් කටයුතු කරන්න


සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ ‍කොමසාරිස් මහින්ද ‍දේශප්‍රිය මහතා ඇතුළු මැතිවරණ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ලබා දුන් සහ‍යෝගයට තමා‍ගේ වි‍ශේෂ ස්තුතිය පළ කරන බව ‍මෛත්‍රිපාල සිරි‍සේන මහතා පවසයි. 

එ‍සේම ‍පොලිස්පති ඇතුළු ‍‍පොලිස් නිලධාරීන්ටත් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ත්‍රිවිද හමුදා‍වේ සියලුම නිලධාරීන්ටත් තමා‍ ස්තුතිවන්ත වන බව ඒ මහතා පවසයි. 

මැතිවරණ ‍කොමසාරිස් කාර්යාල‍යේ පැවැත්වුණු 7 වන ජනාධිපති වරණ‍යේ නිල අවසාන ප්‍රතිඵලය දැනුම්දී‍මේ කටයුත්ත අමතමින් ‍හෙ‍තෙම ‍මේ බව සඳහන් ක‍ළේය‍. 

එ‍සේම මැතිවරණ ‍‍කොමසාරිස්‍වරයා විසින් නිල ඡනද ප්‍රතිඵල නිකුත් කිරි‍මෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමා විසින්
විශේෂ ස්තුතිය පළකරන බවද ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතා එහිදී අවධාරණය ක‍ළේය‍ 

තවද අවිහිංසා‍වෙන් සහ ‍මෛත්‍රියෙන් කටයුතු කරන ‍ලෙස ර‍ටේ ‍පොදු ජනතාව‍‍ගෙන් තමා ඉල්ලා සිටින බවද ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතා වැඩිදුරටත් ‍පෙන්වා දුන්‍‍නේය.


මෛත්‍රිපාල නව ජනපති ලෙස තේරීපත් වුණා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් හංසයා ලකුණින් තරඟ කළ මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරී 8 දා පැවැති මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇති බැවින් ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර ගත් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 

2015 ජනපතිවරණ ප්‍රතිඵල විකාශයෙන් අනතුරුව රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය. 

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති මැතිවරණයෙන් සියයට 51.21ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇති බවද මැතිවරණ කොමසාරිස්වරයා කීවේය. 

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනතාවට දුන් පොරොන්දු නොපිරිහෙලා ඉටුකරනු ඇතැයිද ඔහු කියා සිටියේය. 

කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට ඉඩ නොතබන ලෙසට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කළ කතාව තමන් අසාගෙන සිටි බවත්, ඔහුගේ එම ප්‍රකාශයට සිය ස්තූතිය පළ කරන බවත් මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය. 

නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය අදාළ පාර්ශව වෙත ලබාදෙන ලෙසද ඒ මහතා එහිදී ඉල්ලා සිටි අතර මැතිවරණ කටයුතු සාර්ථකව සිදුකිරීමට සහය දුන් සියලු පාර්ශව වලට සිය ස්තූතිය පළ කරන බවද ඔහු කියා සිටියේය. 

මෙම අවස්ථාවට ජනපති මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයින්, මහ සංඝරත්නය මෙන්ම විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්ව සිටි අතර ඔවුන් මෛත්‍රිපාල සිරිසේන මහතාට සුබපතන අයුරුද දැක ගත හැකි විය.

මෛත්‍රිපාල සිරිසේන මහතා නව ජනපති ලෙස අද දිවුරයි

ශ්‍රී ලංකාවේ හයවෙනි විධායක ජනාධිපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ දිවුරුම්දීමට නියමිතව තිබේ. 

විපක්ෂයේ පොදු අපේක්ෂක ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේ කොළඹ හත ටොරින්ටන් පෙදෙස නිදහස් චතුරස්‍ර භූමියේ දී දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙනු ඇති බවයි. 


ජනාධිපතිවරණ ප්‍රතිඵල වලට අනුව ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා ඉඩකඩ සලසාදීමේ අරමුණින් අරලියගහ මන්දිරයෙන් ඉවත්වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම පියවර ගන්නා ලදී.
 
Related Posts with Thumbnails