Ads 468x60px

.

පළමුවැනිදා රාත්‍රියේ හලාවත පොලිසියට ලැබුණු අමුතු තාලේ පැමිණිල්ල


ඉකුත් පළමුවැනිදා නව වසරේ පළමු දිනය විය. හලාවත පොලිසියට මදක් වෙනස් ස්වභාවයක පැමිණිල්ලක් වාර්තා වී තිබුණි.

එනම් වයස අවුරුදු 50 ක පිරිමි පුද්ගලයෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන පැමිණිල්ලකි. 35 හැවිරිදි අයෙකුව

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ එකී පැමිණිල්ලට අනුවය.

පසුගිය 01 වැනිදා රාත්‍රීයේ ආරච්චිකට්ටුව – ආනවිළුන්දාව ප්‍රදේශයේදී මෙම අතවරය සිදුවී ඇති බව හලාවත පොලිසිය අනාවරනය කරගෙන තිබේ. අතවරයට ලක්ව ඇති අය මේ වන විට හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අතවරයට ලක් වූ පුද්ගලයා විසින් පොලිසියට සිය කටඋත්තරය දී තිබුණේ මෙලෙසිනි. “ එදා රාත්‍රියේ මම සාදයකට සහභාගි වී පා පැදියෙන් නිවස බලා යමින් සිටියා. මගදී ඇතිවූ කකුළේ ආබාධයක් නිසා අතරමග රැදී සිටින්න වුණා. එතනට පැමිණි පුද්ගලයෙක් ඔහු ළඟ බෙහෙතක් ඇති බව පවසා මට අතවර කළා”. යනුවෙනි.
 
Related Posts with Thumbnails