Ads 468x60px

.

"Our Salute" මෛත්‍රීතුමනි….!!!


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තේරීපත්වීමෙන් පසුව සිදුකළ මුල්ම කටයුතු අතර වෙබ් අඩවි බාධාවන් ඉවත් කිරීමද වේ. එය යහ පාලනයක් ඇති කිරීමට ඔහු විසින් ගනු ලැබූ කදිම උත්සාහයක් ලෙස අප දකින අතරම එය අගය කරන්නෙමු.

තවද ඒ වෙනුවෙන් අප ස්තූති කරන්නෙමු. කාලයක් රාජපක්ෂ දුර්දාන්ත පාලනයේ උදහසට ලක්ව සිටි මාධ්‍ය වේදීන්ට යළි සිය රටට එන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය වරයා කළ ආරාධනයට ද අප ඉතා සතුටු වුනෙමු.

කෙසේවවුද ඒ ආරාධනය කනගාටුවෙන් වුවද අපට ප්‍රතික්ෂේප කරන්නට සිදුව ඇත්තේ රාජපක්ෂ පවුල් පාලනය පමණක් පාලන බලයෙන් ඉවත් වුවද ඔවුන්ගේ ඉඳුල් කමින් ජනතාව හා මාධ්‍ය පෙළන ලද පුද්ගලයන්

බල මාරුවෙන් දුබල නොවූ හෙයිනි.

ඒ එවැනි හෙන්චයින්ට ඉතා ලෙහෙසියෙන් ම සුභ අනාගතයෙන් මෛත්‍රී පාලනයට මාරු වීමට නව රජය අවස්ථාව ලබාදීම නිසාය.

නැත්නම් 9 වසරක් පුරා ජනතාවට බොරු වමාරමින් සියලු සම්පත් උලා කන ලද රාජපක්ෂ පාලනයට ගැතිකම් කළවුන්ට මෛත්‍රී කරන්නට හැකි වූ මේ ආණ්ඩුවට ඒතාක් කලක් යකඩ සපත්තුවෙන් තැලුම් කෑ පීඩිත ජනතාව වෙනුවෙන් මෛත්‍රී කිරීමට තරම් හිත මොලොක් නොවූයේ මන්ද යන්න අපට ඇති ගැටලුවයි.

කෙසේවවුද ගෙවුණු දින කිහිපය මේ ආණ්ඩුවට චරිත සහතික ලිවීමට ප්‍රමාණවත් නොවන බව සැබෑවකි. ඒත් ගෙවුණු දින කිහිපයේදී මේ ආණ්ඩුවේ බලය කෙසේ හෝ තහවුරු කර ගැනීමට බල ලොභීන් සිටින බව තේරුම් ගැනීම නම් ඒ තරම් අමාරු නොවේ.

පරිස්සම් විය යුතුවන්නේ එවුන්ගෙනි. ජනපති මහින්දට කෙළ වූයේ ද ඔහුගේ සහෝදරයින් හා පුතුන් නිසාම මත් නොවේ. ඔහු වටේ සිටි අවස්ථාවාදීන් හා ජාතිවාදීන් නිසා යැයි කීම නිවැරදිය.

නව පාලනයේද, මෛත්‍රී ජනපතිගේ බලය වැඩියෙන් භුක්තිවිදින්නේ ජාතිවාදීන් හා අවස්ථාවාදීන්ය. එසේ හෙයින් අපේ වැඩ කොටසට විරාමයක් තබන්නට අවසරයක් නැතැයි අපට හැගේ. නිදහසින් පසුව සිටම ජනතාව සිහින මවන්නා වූ යහ පාලනය සවි ගැන්වීමට අපටද වගකීමක් ඇතැයි සිතන්නෙමු.
 
Related Posts with Thumbnails