Ads 468x60px

.

මලයා පැරදුනේ රටේ වාසනාවට යන ප්‍රවෘත්තිය පිළිබඳ කථානායකතුමාගේ ප්‍රතිචාරය!


‘‘මලයා පැරදුනේ රටේ වාසනාවට, චමල් කියයි'' යනුවෙන් පළවූ ප්‍රවෘත්තියේ අසත්‍යතාවය සම්බන්ධයෙන් ගරු කථානායක චමල් රාජපක්‍ෂ මැතිතුමා සිය මාධ්‍ය අංශයට අදහස් දක්වා තිබෙනවා.

ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමා එවැනි කිසිදු ප්‍රකාශයක් සිදුකර නැති බවත්, එතුමා විසින් සිදු කරන ලදැයි කියන ඉහත ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් තහවුරු කරනු කැමැත්තෙමි. 

එසේම මෙවැනි අසත්‍ය ප්‍රකාශ මගින් වෙබ් අඩවි හරහා අන්තර්ජාල පාඨකයා නොමග යැවීම පිළිබඳව ගරු කථානායකතුමා කණගාටුවන බව බවත්, වගකීමකින් තොරව වෙබ් අඩවි විසින් කරනු ලබන මෙම ප්‍රකාශය
හෙලා දකින් බවත් දන්වා සිටී.
- කථානායක මාධ්‍ය අංශය

සටහන
කථානායක නිල නිවසේ පැවැත්වූ එම සාකච්ඡාවෙන් අනතුරුව ඊට සහභාගි වූ මැති ඇමතිවරුන් බහුතරයක් නව රජයේ ප්‍රභල අමාත්‍ය වරයෙකුගේ නිවසකදී යලි මුණ ගැසී තිබෙනවා

එහිදී කථානායක නිල නිවසේ සාකචඡා වූ දෑ පිළිබඳව විපක්ෂයේ ක්‍රියා කාරීන් සමග මෙම කතාව පවසා ඇත්තේ එම මැති ඇමතිවරු විසිනුයි. එම මැති ඇමතිවරුන්ගේ නාම ලේඛණයද අප සතුව තිබෙනවා

ගරු කථානායකතුමා තව දුරටත් මෙම පුවත පිළිබඳව හබ කරන්නේ නම් එම නම් ලැයිස්තුව ඔබ තුමා වෙත පුද්ගලිකව එවීමට අප කැමැත්තෙමු. එය ප්‍රසිද්ධ කළ නොහැක්කේ ප්‍රවෘත්ති මූලාශ්‍රයන් හෙලිදරව් කිරීම වෘත්තීය ආචාර ධර්මයන්ට පටහැනි හෙයිනි.

පෙර පුවත 
‘මලයා පැරදුනේ රටේ වාසනාවකට' - චමල් කියයි.!
 
Related Posts with Thumbnails