Ads 468x60px

.

මන්ත්‍රීවරයෙකු පාරේ දනගස්වන මාධ්‍යට නිකුත් නොවූ තෙවරප්පෙරුමගේ වීඩියෝව


මතුගම - අගලවත්ත ප‍්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් ඇතිකළ සිදුවීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා කියා සිටියේය.

සමරසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අවස්ථාවක එම ස්ථානයට පැමිණි පාලිත තෙවරප්පෙරුම මහතා සහ ඔහුගේ
කණ්ඩායමක් විසින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළ බවයි.

අදාළ විවෘත කිරීමේ උත්සවයට පැමිණි මුරුගන් පුෂ්පකුමාර නම් පාලින්දනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාව එම ස්ථානයේ පිහිටි ඔරලෝසු කණුව අසලට බලහත්කාරයෙන් ගෙන ගොස් ඔහුව දණ ගස්වා ඔහුට පහර දීමක් සිදු කර තිබේ. අනතුරුව මෙම මැර පිරිස එම ස්ථානයේ සිටුවා තිබූ කොඩි කණු ගලවා බිම දමමින් කළහකාරීලෙස හැසිරී ඇත.

මන්ත්‍රීවරයා විසින් මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද දුරකථනයෙන් දැනුම් දී ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම කෙරෙහි සිය ස්තූතිය පිරිනමන බවද සමරසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේදී  පැවසීය.

මේ වනවිට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් දෙදෙනා එක්ව යහපාලනයක් කරා රට ගෙන යාමට උත්සාහ කරමින් සිටී. 

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන පාලිත තෙවරප්පෙරුම පසුගිය ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් මෙන් හැසිරෙන අයුරු පසුගිය දින කිහිපයේදි දක්නට ලැබුණි. 

එළඹෙන මැතිවරණයකදී ප්‍රධාන පක්ෂ දෙකෙන් නාම යෝජනා නොලැබෙන්නේ නම් මෙවැනි පුදගලයන් මහජන නියෝජිතයන් නොවනු ඇත. එහි වගකීම ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බව ජනතාවගේ විශ්වාසයයි.

මෙතෙක් මාධ්‍යට නිකුත් නොවූ තෙවරප්පෙරුමගේ සම්පුර්ණ වීඩියෝව බලන්න පහතින්.

 
Related Posts with Thumbnails