Ads 468x60px

.

ස්පෝර්ට් මීට් මැරතන් තරගය අතරතුර ඇදවැටී මියගිය 15 හැවිරිදි සිසුවාගේ පින්තුර සහ වීඩියෝ


අම්බලන්තොට, බෝලාන මහා විද්‍යාලයේ නිවාසාන්තර කී‍්‍රඩා උළලේ අද පැවති මැරතන් ධාවන තරගයට සහභාගිවූ 10 ශ්‍රේණියේ සිසුවෙකු හදිසියේ මියගොස් තිබෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ චමෝද් සත්සර නමැති සිසුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි. මැරතන් තරගයේ කිලෝ මීටර් එක හමාරක පමණ දුරක් ධාවයේ යෙදෙන විට මෙම සිසුවා හදිසියේ රෝගාතුර වී හදිසි ඇදවැටී තිබෙනවා.

පසුව අම්බලන්තොට රජයේ රෝහලට රැගෙන යාමෙන් පසු ඔහු ජීවිතක්‍ෂයට පත් වූ බවයි අප වෙත තව දුරටත් වාර්තා වන්නේ. මෙම සිසුවා පාසලේ දීප්තිමත් සිසුවෙකු බවද අදහස් දැක්වූ එහි ගුරුවරියක්

කියා සිටියා.

පාසල් මැරතන් තරගවලට සහභාගි වූ සිසුන් හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ඉකුත් වසරේද අවස්ථා කිහිපයකදී ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධීන් වාර්තා වුණා. පසුව අධ්‍යාපන බලධාරීන් නියෝග කළේ එවැනි තරගයකට සහභාගිවීමට පෙර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කර ශාරීරික යෝග්‍යතාව පරික්‍ෂා කර බැලිය යුතු බවයි. 







එහි තවත් පුවත් පහතින් 

අද උදෑසන 9 ට පමණ මාතර අම්බලන්තොට බෝලාන මහ විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරගයක මැරතන් ඉසව්වට සහභාගීවූ 15 හැවිරිදි සිසුවෙකු තරගය අතරතුර හදිසි හෘදයාබාධයකට ලක්ව මියගියා.

තරගය අම්බලන්තොට රිදියගම වැව අසලින් ආරම්භ වී බෝලාන විදුහල අසලින් අවසන් වීමට නියමිත වූ අතර දුර කිලෝමීටර 5 කින් පමණ
යුක්ත වුණා. ඔහු තරගයේ ටික දුරක් දිවයන විට ඇදවැටී තිබුණ නිසා අවට ප්‍රදේශවාසීන් ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණ නමුත් ඔහු මියගොස් තිබුණා.

පොලිසිය පැවසුවේ සිසුවා තරගය අතර හදිසියේම අසනීපවී ඇති බවය. පොලිසිය සිදු කළ පරීක්ෂන අනුව සිසුවා උගෙනුම ලබන බෝලාන මහ විද්‍යාලයේ විදුහල්පතිවරයා මෙම ධාවන තරඟයට සහභාගි වු සිසුන් සියලූ දෙනාවම වෛද්‍ය පරික‍ෂණයකට ලක් කර තිබුණ

බවටත් දෙමාපියන්ගේ කැමැත්ත සහිතව මෙම තරඟයට සහභාගි කරවා ඇති බවටත් තහවුරුවී ඇත.

මේ පිළිබඳ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලිසිය පැවසූ අතර හිදිසි හෘදයාබාධ තත්වයක් මේ මරණයට හේතුවන්නට ඇතැයි සැකකෙරේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක් වු සුුද්දාච්චාරිගේ චමෝද් සත්සර නැමැති අංක 143” ධිවර ගම්මානය” රුහුුණු රිදීයගම” අම්බලන්තොට ලිපිනයේ පදිංචි දරුවෙකි. මරණය සිදුවීමෙන් පසු රෝහලේදී දෙමාපියන් විලාප තබමින් සිසුවාගේ දේහය බදාගෙන හඩන හැටි දැක්වෙන සිද්ධිය සම්බන්ධ සිරස වීඩියෝව පහතින්.


 
Related Posts with Thumbnails