Ads 468x60px

.

ජනාධිපති මන්දිරයේ පැවැති භෝජන සංග්‍රහය කට සහභාගී වූ දුමින්දයි නංගියි දෙන්නම පච වී ගිය හැටි.


ජාතික නිදහස් දින උත්සවයෙන් පසුව සියළු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඇතුළු පිරිසකට කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති භෝජන සංග්‍රහය කට සහභාගී වූ දුමින්ද සිල්වා හා ඔහුගේ නැගණිය වන දිලිණි සිල්වා දෙදෙනා ජනාධිපතිවරයා සමඟ ඡායාරූපයකට පෙනී සිටීමට දැඩි උත්සහයක් ගෙන තිබුණු බව වාර්තාවේ.

එහෙත් ඒ වැලැකී ඇති අතර පසුව අනෙක් මැති ඇමැතිවරුන් සමඟද කුළුපගව කතා බහකිරීමට ගත් උත්සහයද අසාර්ථක වී තිබිණි. මෙම

අවස්ථාවට සජින් වාස් ගුණවර්ධන යන මන්ත්‍රීවරයාද සහභාගී වී සිටි අතර ඔහු සමඟද කිසිවකුත් කතා බහ නොකර සිටීමට පරිස්සම් වී තිබේ.

මෙම භෝජන සංග්‍රහය ජනාධිපතිවරයා හා එම ආර්යාවගේ ආරාධන යෙන් පැවැත්විණි. මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරු කිහිප දෙනෙකුටද ආරාධනා කර තිබුණි. මේ සමඟ වන ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම අවස්ථාවට දුමින්ද සිල්වා හා නැගණිය සහභාගී වී සිටි අන්දමයි.



මේ වන විට දැඩි දූෂණ චෝදනා මෙන්ම කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරු දෙදෙනාට චෝදනා එල්ලවී ඇත.
 
Related Posts with Thumbnails