Ads 468x60px

.

'අපේ සර්' ලිංගික ජීවිතය තේරුම් නොගෙන පන්ති කාමරය තුළට ගෙනා විට


පිළියන්දල විදුහලක තුන්වැනි පන්තියේ උගන්නා දැරියකට පාසල් වේලාව තුළ ලිංගික අතවරයක්‌ කළැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් පරිගණක ගුරුවරයකු අත්අඩංගුවට ගත් පුවතක් අප වෙත වාර්තා වුණා. 

මෙකී ගුරුතුමා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විදුහලට ගිය හැටිත්, ඒ වෙලාවේදී භයානක ගාලගෝට්‌ටියක්‌ හටගත් හැටිත් පෙරේදා (24 දා) රාත්‍රි රූපවාහිනි නාලිකා මගින් පෙන්වනු ලැබුවා. 

එකී කලබැගෑනිය වෙල්ලමුල්ලි වෛක්‌කාල්හිදී කොටින් සමඟ පැවැති අවසන් සටනේ කුඩා ප්‍රක්‍ෂේපනයක්‌ හා සමාන ය. අන්තිමේදී ගුරාත්
දැරියත් යන දෙදෙනා ම රෝහල්ගත කරන ලදහ. 

ගුරා රෝහල් ගියේ විදුහලට කඩා පැනපු දෙමාපියන්ගෙන් ගුටි කෑම නිසා හටගත් තුවාලවලට බෙහෙත් දමා ගැනීමට ය. දැරිය රෝහල්ගත වූයේ ගුරාගෙන් කිසියම් හානියක්‌ වී දැයි දැන ගනු පිණිස වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌ කිරීම සඳහා ය.

සන්නිවේදනය සහ ගමනාගමනය යන සාධක පුළුල් වීම නිසා හටගත් ගෝලීයකරණ සංකල්පය ඔස්‌සේ ජාත්‍යන්තරයට විවෘත වුණ ශ්‍රී ලංකාව පසුගිය තිස්‌ අවුරුද්ද තිස්‌සේ සංස්‌කෘතික ප්‍රපාතයක්‌ කරා ඇදී යමින් පවතී.


මේ ප්‍රපාතය තුළ ඇත්තේ කුඩු, බ්ලූ ෆිල්ම්, උපත් පාලන උපකරණ, අවි ආයුධ, බෙදුම්වාදය, කාමය වැනි දේවල් ය. අන්තර්ජාලය කොතරම් ප්‍රයෝජනවත් වුවද එහි ඇති වෙබ් අඩවිවල තිබෙන 'බ්ලූ ෆිල්ම්' හොඳ නැත. On Line ක්‍රමයට මිලට ගැනීමට තිබෙන වාජීකරණ ඖෂධ හොඳ නැත. අන්තර්ජාලයේ තිබෙන ඇතැම් web site එකකින් නොමිලයේ Blue film දහස්‌ ගණනක්‌ ලබා ගත හැකිය. 

ඒවායෙහි තිබෙන ලිංගික ක්‍රියාකාරකම් වූ කලී මේ ලෝකයේ තිබෙන ජරාම ලිංගික ක්‍රියාකාරකම් ය. මනුස්‌සයින්, ළමයින්, පමණක්‌ නොව තිරිසන් සතුන් පවා අපයෝජනය කරන හැටි ඒවායේ තිබේ. මේවා Block කිරීමට බැරි තරම් සංඛ්‍යාත්මකව විශාල ය. 

මේවා Block කළ හැක්‌කේ සමස්‌ත අන්තර්ජාලයම නිෂ්ක්‍රීය කිරීමෙන් ය. එහෙත් එය කිසිසේත් ම ප්‍රායෝගික ක්‍රියාවක්‌ නොවන්නේ මේ දිනවල ලෝක පාලනය අන්තර්ජාලය හරහා සිදු වන නිසා ය. මෙහිදී ලෝක පාලනය ලෙස අප අර්ථකථනය කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළ සහ ජාත්‍යන්තර සමාජය ය. 

අප තවදුරටත් සැඟවුණු රටක්‌ නොවේ. ජාත්‍යන්තරයට විවෘත වූ රටකි. සෑම වැදගත් වාණිජ තීන්දුවකටම පෙර ජාත්‍යන්තරයට එබී බලා එහි තිබෙන ආදර්ශයන් සහ පූර්වාදර්ශයන් පිරික්‌සා බැලීම අප කළ යුතු මේ නිසා අන්තර්ජාලය අත්හැර දැමීම අපට කළ නොහැකි අතර 'බ්ලූ ෆිල්ම්වලින්' වන හානිය ගණන් නො ගෙන සිටිය යුතු තැනකට රට තල්ලු වන්නේ ය.

කුපාඩිකම්වලින් ඔද්දල් වූ ශීර්ෂයක්‌ තිබෙන සමාජයක්‌ තුළ ලිංගික අපයෝජනයක්‌ යනු අනිවාර්ය සිද්ධියකි. එහෙත් සෑම ගුරුතුමකුම ලිංගික කටයුතු සඳහා සිය ඇඹේනිය හෝ ඊට අභිමත වෙනත් කාන්තාවක්‌ යොදා ගත යුතු අතර පාසල් ශිෂ්‍යාවන් යොදා ගැනීමෙන් වැළකී සිටිය යුතු ය.


ළමයකු 'අපේ සර්' වෙත යන්නේ අප්‍රමාණ ගුරු භක්‌තියක්‌ සහිතව ය. සමහර විට අම්මා තාත්තා කියන දෙයටත් වඩා 'අපේ සර්' කියන දෙයට ළමයි කන්දෙති. ගුරුවරයකු වෙත ආසක්‌ත වන දරුවා ඒ චරිතය වෙනුවෙන් මරාගෙන මැරෙන්නට වුව සූදානම් ය. 

'අපේ සර්' ඒ බව තේරුම් නො ගෙන ලිංගික ජීවිතය පන්ති කාමරය තුළට ගෙනා විට දෙමාපියන්ගෙන් ගුටි කා මැරෙන්නට ඔහුට සිදු වන්නේ ය.

 
Related Posts with Thumbnails