Ads 468x60px

.

ලෝකාන්තයෙන් වැටුණු විදේශිකයා බේරාගන්නට යන්න හදද්දී සුදේශ්ට බිරිඳ බැනලා.


මම ජීවිතයක් බේර ගන්න ගියේ..
ඒ නිසා අනතුරක් වෙන්නේ නැහැ කියලා කිව්වා..

-මම බැන්නාම මහත්තයා කීවා - බිරිඳ කියයි

ලෝකාන්තයෙන් වැටී අනතුරට ලක්වූ නෙදර්ලන්ත ජාතිකයා බේරාගත් යුද හමුදා කෝප්‍රල් සුදේශ් ලලින්ද සැරයන් තනතුරට උසස් කරනු ලැබුවා. මේ වෙනුවෙන් සංවිධාන කළ උත්සවය පැවැත්වුණේ යුද හමුදා
මූලස්ථානයේයි.

සිය බිරිද සමග හෝටන්තැන්න සංචාරයක් අතරතුරදී ලෝකාන්තයෙන් පහළට වැටී ගසක රැදී සිටි නෙදර්ලන්ත ජාතික මාටින් ලෝරෙන්ස් බේරා ගැනීම සදහා ඉදිරිපත් වූ නුවරඑළිය තුන්වෙනි සිංහ රෙජිමේන්තු

හමුදා කදවුරට අනුයුක්ත සුදේශ් ලලින්ද මහතා අද යුද හමුදාපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්තද සිල්වා මහතා අතින් උසස්වීම ලබා ගත්තා.

නෙදර්ලන්ත ජාතිකයා බේරා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ  සෙසු සෙබලුන් ද මෙහිදී යුද හමුදාපතිවරයාගේ ඇගයීමට ලක්වුණා. 34 වන වියේ පසුවන සැරයන් සුදේශ් ලලින්ද, ලෝකාන්තයෙන් වැටුණු
නෙදර්ලන්ත ජාතිකයා ලනුවක ආධාරයෙන් නිරුපද්‍රිතව බේරා ගනු ලැබුවා. මේ අවදානම් ක්‍රියාව සිදුකළ සුදේෂ් ජීවත් වන්නේ බිබිල - වෑගම ප්‍රදේශයේයි.

දෙදරු පියෙකු වන ඔහුට වයස අවුරුදු එකහමාරේ පසුවන දියණියක් හා වයස අවුරුදු 7 ක් වන පුතෙකු සිටිනවා. ඔහුගේ පුතා පාදයේ ආබාධයකින් ද පෙළෙනවා. සිය සැමියාගේ මේ අවදානම් ක්‍රියාව ගැන
බිරිද වන නිරෝෂා මධුවන්තිට ඇත්තේ ආඩම්බරයක්.

එහි සම්පූර්ණ වීඩියෝව පහතින්...


 
Related Posts with Thumbnails