Ads 468x60px

.

දත් පහරකින් මිනිසෙකු මැරිය හැකි කොමඩෝ මකරෙකු දෙහිවලින් පැන ගිහින්..!


දෙහිවල සත්වෝද්‍යානයේ සිටි අධික විෂ සහිත කොමඩෝ මකරෙකු ඉන් ඉවතට පැන යාම කිසියම් කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් විය හැකි බවට සැක මතුව තිබෙනවා. 

සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ සත්වෝද්‍යානයෙන් ඉවතට ගොස් සිටි මෙම කොමඩෝ මකරා ඊයේ
පස්වරුවේම යළි සත්වෝද්‍යානයට රැගෙන ආ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවද අනුර ද සිල්වා මහතා ප‍්‍රකාශ කළා.

ඉන්දුනීසියාවේ කොමඩෝ දූපතට පමණක් ආවේණික මෙම මකරාගේ විශේෂත්වය වන්නේ අතිශය දුර්ලභ සහ අධික විෂ සහිත වීමයි. මෙම මකරෙකුගේ පහරකෑමකට ලක්වන පුද්ගලයෙකු ඉතා සුළු වේලාවක් තුළ මියයන බව සත්වවේදීන් පවසනවා. 


කෙසේවෙතත් සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ අධික විෂ සහිත වුවද එය මාරාන්තික විෂක් නොවන බවයි.
 
Related Posts with Thumbnails