Ads 468x60px

.

ලංකාවට පාඩම් රැසක් කියාදී නවසීලන්තය ජය ගත් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය


2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ ලකුණු 98කින්. 

කාසියේ වාසිය දිනාගනිමින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආරාධනයට අනුව පන්දුවට පහරදීම සදහා හැග්ලි ඕවල් පිටයට පැමිණි නවසීලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 50
අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 331ක් රැස්කර ගැනීමට සමත්වුණා.

නවසීලන්තය වෙනුවෙන් පන්දුවට පහරදීමේදි කොරේ ඇනඩර්සන් ලකුණු 75ක් ලබාගැනීමට සමත් වූ අතර, නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් මැක්ලම් ලකුණු 65ක් ලබාගත්තා. මීට අමතරව කේන් විලියම්සන් ලකුණු 57ක් සහ මාර්ටින් ගුප්ටිල් ලකුණු 49ක් ලබාගත්තා.

පන්දු යැවීමේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් සහ ජීවන් මෙන්ඩිස් කඩුළු 2 බැගින් ලබාගැනීමට සමත් වූ අතර, රංගන හේරත් සහ නුවන් කුලසේකර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. 


අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි එක් පන්දුවක් තුළදී ලකුණු 233කට සියලුදෙනා දවා ගැනීමට නවසීලන්ත පිතිකරුවන් සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සාර්ථකව පන්දුවට පහරදීමට සමත් වුණේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න සහ නායක ඇන්ජලෝ මැතිව්ස් පමණයි. තිරිමාන්න ලකුණු 65ක් රැස්කර ගත්තේ පන්දු 60ක් තුළදීයි.


ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 46ක් ලබාගත්තා. ඒ අනුව 2015 ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රථම ජය වාර්තා කරමින් 'ඒ' ඛාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 2 ක් ලබාගනිමින් ඉහළම ස්ථානයට පැමිණීමට නවසීලන්තය සමත් වුණා.

ලෝක කුසලානය ආරම්භයේදීම සංගාගෙන් තවත් වාර්තාවක්

2015 ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ කරමින් අද ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමුවන එක්දින තරඟය පැවැත්වෙනවා. කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදීමේ වාරය නවසීලන්තයට ලබාදුන්නා. ඒ අනුව ඔවුන් පන්දු වාර 50 තුලදී 331 ලබාගත්තේ කඩුලු 6ක් පමණක් දැවී තිබියදීයි.

එමෙන්ම මෙම තරඟයේදී කුමාර් සංගක්කාර විසින් තවත් එක්දින වාර්තාවක් තබමින් කඩඉමක් පසුකිරීමට සමත් වුනා. ඒ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ දෙවන ස්ථානය හිමිකරගනිමින්.

මීට පෙර දෙවන ස්ථානයට හිමිකම් කීවේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක රිකී පොන්ටින් විසිනුයි. ඔහු ලබාගෙන තිබූ ලකුණු ප්‍රමාණය 13704ක්. එය අභිබවා යමින් මේ වන විට කුමාර් සංගක්කාර ලකුණු 13732ක් ලබාගෙන තිබෙනවා.
 
Related Posts with Thumbnails