Ads 468x60px

.

අහෝ අවසානයේදී විමල් ගේ උදව්වට ආවේ පුද්ගලික වෛද්‍ය විද්‍යලීය රෝහලකි.


හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ උපන් දින දෙකක් යටතේ විදේශ ගමන් බලපත් දෙකක් තම සන්තකයේ තබා ගැනීමේ චෝදනා (ඉන් එක් විදෙස් ගමන් බලපත්‍රයක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගමන් බලපත්‍රයකි) නිසා  අත් අඩංගුවෙන් බේරීම සඳහා විමල් වීරවංශ  තම​ බිරිඳ වූ ශෂී වීරවංශව​ සඟවන්නේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේය. 

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පුද්ගලික වෛද්‍ය විද්‍යලීය රෝහලකි.

1988 - 1989 කාලයේ විමල් වීරවංශ නොහොත් විමලසිරි ගම්ලත් විශ්ව විද්‍යාල කොල්ලන් පාරට බැස්සුවේ පුද්ගලික වෛද්‍ය විද්‍යල තහනම් කරණු කියමින්ය​.  විමල් වීරවංශලාගේ අරගල සිරා පිට බොක්කටම ගත් ත්‍රීමා විතාණ, වෙනුර එදිරිසිංහ , කොල්ලූරේ යන බිළි බෝයිස්ලා මේ නිසා ස්වර්ගස්ථ වූ අතර විමල් වීරවංශ (ඒ කාලයේ විමලසිරි ගම්ලත් )

ටයර් උඩ ගිය  කොල්ලන්ගේ කර පිටින් ගොස් දැන් විශාල මන්දිර තනාගෙන විසි හතර පැයට ඒසී දමාගෙන ආතල් පිට සිටියි. 

පුද්ගලික වෛද්‍ය විද්‍යල තහනම් කරණු කියා ගිරිය යටින් එදා කෑ ගැසූ විමල්ට තමන් ගේ බිරිඳ හොර උපන් දින සහතික ඉදිරිපත් කොට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගමන් බලපත්‍ර සෑදීම මාට්ටු වූ විට අන්තිමට පිළිසරණ සොයා ගියේ පුද්ගලික වෛද්‍ය විද්‍යලීය රෝහලකටය. 

පර ලෝකයේ සිට මේවා දකින ත්‍රීමා විතාණලා, වෙනුර එදිරිසිංහලා , කොල්ලූරේලා විමල් වීරවංශට කෙසේ වෙතත් විමල් වීරවංශගේ මෑණියන්ව නම් මතක් කරනවා විය හැක.
 
Related Posts with Thumbnails