Ads 468x60px

.

ITN නිරෝෂන් ප්‍රේමරත්නත් මහ මැතිවරණයට


ස්වාධීන රූපවාහිණියේ ජනප්‍රිය නිවේදයකු වූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඉදිරි මහ මැතිවරණයේදී විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වීමට සූදානමින් පසුවන බව දැන ගැනීමට තිබේ. ඔහු කඹුරුපිටිය ආසනයෙන් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ද වාර්තා වේ.

පසුගිය වසර ගනනාවක් තිස්සේ ශ්‍රීලංකා නිදහස පක්ෂයට සමීපව හා හිටපු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකාරි වැඩ

කොටසක නිරතව සිටි ප්‍රේමරත්න මහතා ආණ්ඩු පෙරලියත් සමඟ ස්වාධීන රූපවාහිණී අයතනයේ කටයුතුවලින් ඉවත්ව සිටියේය. 

රාජපක්ෂවාදියකු වීම නිසා දේශපාලන පලිගැනීමක් ලෙස ඔහුව ආයතනයෙන් ඉවත් කළ බවට ප්‍රචාරයගෙන ගියද එවැන්නක් සිදුව තිබුණේ නැත. මේ වන විට ඔහු වෙළඳ ප්‍රචාරක ආයතනයක්ද පවත්වාගෙන යයි.

කෙසේ නමුත් විමල් වීරවංශ ප්‍රමුඛව කණ්ඩායම විසින් මහින්ද රාජපක්ෂව අගමැති කළ යුතු බවට ගෙන යන ව්‍යාපාරයේද ප්‍රමුඛ හවුල්කරුවකු ලෙස ඔහු ක්‍රියාකාරීව සිටී.
 
Related Posts with Thumbnails