Ads 468x60px

.

ෆේස්බුක් නිසා සියදිවි නසාගත් වෙනුශාගේ පාසලේ විදුහල්පතිට උසස්වීමක්


මීට දෙවසරකට පමණ ඉහතදී ෆේස්බුක් ඡායාරූපයක් හේතුවෙන් ගෙළ වැලලාගෙන මියගිය පාසල් සිසුවියක වන ''වෙනුෂා ඉමන්දී'' ඉගෙන ගත් පාසල වන  කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයයේ හිටපු විදුහල්පතිවරයා මාවතගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත් කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

ඔහුට එරෙහිව ළමා රක්ෂණ අධිකාරියෙන් ගොනු කළ පැමිණිල්ලට අදාළ නඩුව තවමත් අවසන්ව නොතිබිය දී ඔහුට තනතුරක් ලබා නොදෙන්නැයි ගුරු සංගම් ඉල්ලීම් තිබූ අතර පරීක්ෂණ නිම නොවූ

වටපිටාවක ඔහුට මෙවැනි තනතුරක් ලබා දීම ද එකහෙළාම හෙළා දකින බව ද ගුරු සංගමය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

වෙනුෂා සියදිවි නසාගැනීමට ප්‍රථම ලියූ ලිපියේ සඳහන්ව ඇත්තේ තමන් කිසිදු ආකරයක වැරැද්දක් නොකළ බවත් තමා ෆෙස් බුක් එකක් නිර්මාණය නොකළ නිසා නිරපරාදේ මව්පියන් පාසලට කැඳවාගෙන ගොස් ඔවුන්ට අපහාස කිරීමට තිබෙන බලවත් අකමැත්ත නිසාම සිත්තැවුලෙන් ගෙල වැළදාගෙන දිවිනසා ගැනීමට ක්‍රියාකළ බවකි.
 
Related Posts with Thumbnails