Ads 468x60px

.

බන්දුගේ ඩුප්ලිකේට් බන්දු අත්අඩංගුවට!


ජනප්‍රිය විකට නළුවකු වන බන්දු සමරසිංහ මහතාගේ නමට හා රුවට බෙහෙවින් සමාන පුද්ගලයෙකු කොළඹ පිහිටි අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

බන්දු සමරසිංහ මහතාගේ විකට චරිත රගපා ඒවා සීඩී ගත කර විකිණීම සම්බන්ධයෙන්, බන්දු සමරසිංහ මහතා විසින් කර තිබූ පැමිණිල්ලක් මත කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ පැවැත්වීමෙන්

අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්වී තිබේ. පසුව ඔහු උසාවියට ඉදිරිපත්කොට ඇප මත නිදහස් කොට තිබේ.

තමාගේ රුවට හා නමට බෙහෙවින් සාමාන මෙම පුද්ගලයා තමා රගපාන විකට චරිත වලට සමාන චරිත රගපාන බවත් එවැනි සංයුක්ත තැටි පවා නිකුත් කර ඇති බවත් මේ නිසා තම කීර්ති නාමයට හානියක් සිදුවී ඇති බවත් පවසමින් බන්දු සමරසිංහ මහතා විසින් පැමිණිලි කොට තිබේ. 
 
Related Posts with Thumbnails