Ads 468x60px

.

යාපනයේ පුංචි යුද්ධයක්‌ දඩුවම් දෙන්න කයිට්‌ස්‌ දුවගේ ඝාතකයන් ඉල්ලා මිනිසුන්ගෙන් ගල්මුල්


කයිට්‌ස්‌ පාසල් ශිෂ්‍යාවකට අතවර කර ඝාතනය කළ සැකකරුවන් නව දෙනාට දඩුවම් කිරීම සඳහා තමන් වෙත භාර දෙන ලෙස ඉල්ලමින් යාපනය අධිකරණය වටකරගත් දෙදහසකට අධික පිරිසක්‌ ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරීම නිසා යාපනය නගරය ඊයේ (20 වැනිදා) දහවල් එකම යුද පිටියක්‌ බවට පත්වි තිබෙනවා.

කලහකාරීන් යාපනය අධිකරණයට පහරදී ගේට්‌ටු පෙරළා දමා බන්ධනා ගාර බස්‌ රථවලටද ප්‍රහාර එල්ල කර තිබෙනවා. මොවුන් පොලිස්‌ නිලධා රීන්ට ද ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්‌ උද්ගත වි තිබෙනවා. එහිදී අහසට වෙඩි තබා කඳුළුගෑස්‌ සහ බැටන්
ප්‍රහාර එල්ල කර කලහකාරී පිරිස්‌ විසුරුවා හැරීමට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය කටයුතු කර තිබෙනවා.

මෙම ප්‍රහාරයන් මෙහෙයවනු ලැබූ දෙමළ ජාතිකයන් 50 දෙනකු පොලිසිය මගින් ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන
තිබෙනවා. සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් පනහකට ආසන්න පිරිසක්‌ හඳුනාගෙන සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඊයේ දහවල් සිට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පොලිස්‌පතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී
තිබෙනවා. ඒ අනුව විශේෂ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඊයේ සවස යාපනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

කයිට්‌ස්‌හිදී පාසල් ශිෂ්‍යාවක දූෂණය කර ඝාතනය කළ සැකකරුවන් මරා දැමීම සඳහා ඔවුන් තමන් වෙත භාර දෙන්නැයි කියමින් දෙදහසකට අධික පිරිසක්‌ ඊයේ දහවල් 12.00 ට පමණ යාපනය අධිකරණය වටකර
තිබෙනවා.

ජනතා බලය නමැති එක්‌තරා සංවිධානයක්‌ විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර ඊට යාපනය සහ අවට ප්‍රදේශවල තරුණ තරුණියන් ඇතුළු දෙදහසකට අධික පිරිසක්‌ සහභාගි වී සිටියා.

උද්ඝෝෂකයන් අධිකරණය වටකරගෙන ඊට ගල්මුල් ප්‍රහාර එල්ල කරන්න පටන් ගෙන
තිබෙනවා. එහිදී අධිකරණයේ ජනෙල් වීදුරු රැසක්‌ විනාශයට පත් වි තිබෙනවා. පසුව කලහකාරී පිරිස්‌ බන්ධනාගාර බස්‌ රථ කීපයකට ද පහරදී විනාශ කර අධිකරණයේ ප්‍රධාන ගේට්‌ටුව ද බිඳ දමා ඊට ඇතුළු වී තිබෙනවා.

එහිදී ඇති වී තිබූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය අහසට වෙඩිතබා බැටන් ප්‍රහාර එල්ල කර
තිබෙනවා. පසුව පොලිසිය විසින් කඳුළුගෑස්‌ ප්‍රහාරයක්‌ද එල්ල කළ අතර උද්ඝෝෂකයන් හිස්‌ ලූලූ අත දිවගොස්‌ තිබෙනවා.

මෙම උද්ඝෝෂකයන් පාලනය කිරීම සඳහා යාපනය සහ ඒ අවට පොලිස්‌ ස්‌ථාන වලින් මෙන්ම විශේෂ කාර්ය බළකා කඳවුරුවලින්ද පොලිස්‌ නිලධාරීන් දහසක පමණ බලඇණියක්‌ යොදවා
තිබෙනවා. මෙම කලබලකාරී තත්ත්වයේදී සුළු තුවාල ලැබූ පොලිස්‌ නිලධාරීන් සහ දෙමළ ජාතිකයන් පිරිසක්‌ ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යාපනය නගරයේ ආරක්‍ෂාව සඳහා කැරලි මර්දන ඒකකය සහ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ කැඳ වූ බවද උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා පැවසුවා.




 
Related Posts with Thumbnails