Ads 468x60px

.

මාව මරන්න හදපු කාර් එක මමම සල්ලි වලට ගත්තා - සරත් ෆොන්සේකා (වීඩියෝ)


යුද හමුදා මූලස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ කාරියකගේ ප්‍රහාරයට ලක්වූ තමා ගමන් ගත් කාරය පසුගිය ආණ්ඩු සමයේ වෙන්දේසි කළ බවත්, පැවැති ආණ්ඩුවට නොදැනෙන්නට වෙනත් අයකු ලවා එම කාරය තමාම මිලදී ගත් බවත් හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික රූපවාහිනියේ හෙළිදරව්ව වැඩසටහනේ දී කීවේය.

මහින්ද රාජපක්ෂ රජය සමයේ තමා රිමාන්ඩ් බාරයේ සිටි කාලයේ අධිකරණයේ බංකුවක් මත සිටිය දී, තමා මරා දැමීමට බෝම්බකාරිය කොළඹට ගෙන ආ කියන පුද්ගලයා ද එහි වාඩිගෙන සිටි බවත්, එම බෝම්බ ප්‍රහාරයෙන් නොමළොත් තමා මරා දැමීමට තවත් බෝම්බ
කාරියක රැඳී සිටි බව ඔහු කී බවත් ෆොන්සේකා මහතා පැවසීය.

යුද හමුදා ජීවිතයේ  අත්දැකීම් හා යුද්ධය කළ ආකාරය ගැන ද ඔහු විස්තර කළේය.

 
Related Posts with Thumbnails