Ads 468x60px

.

එයාගේ හිතේ මෛත්‍රීපාල මහත්තයා කියන්නේ තොත්ත බබෙක් කියලා - සරත් ෆොන්සේකා


‘කොන්දෙ කෑල්ලක්වත් තිබුණා නම් මහින්ද මෛත්‍රී ළඟට යන්නේ නෑ‘

‘කොන්ද පණ තියෙනවා නම් කොඳු ඇට පෙළේ එක ඇටයක් හෝ ආත්ම ගරැත්වය කියන එක කළ දක්වත් තියෙනවා නම් ලැජ්ජ නැතුව මෛත්‍රි පාල සිරිසේන මහත්තයගේ කකුල් දෙකගාවට හොරු රැලක් එක්ක ගිහිල්ලා ඉල්ලා හිටියිද, මම අගමැති අපේක්ෂකයා කරන්න කියලා. 

එයාට අගමැති අපේක්ෂක කම  ඕනෑලු. එයාගේ හිතේ මෛතිපාල සිරිසේන මහත්තයා කියන්නේ තොත්ත බබෙක් කියලා‘ යි ප්‍රජාතන්ත්‍ර වාදී පක්ෂයේ නායක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මතුගම
යටියන ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් පැවසීය .

‘ලක්ෂ හැටතුනක් අරං ආපු නායකයගෙන් ඉල්ලනවා එයා  අගමැති කරන්න කියලා , ඉදිරි මහමැතිවරනය මෙහෙයවන්න දෙන්න කියලා , ඒක කරලා මෛත්‍රිපාල සිරිසේන මහත්මයා පොරවගෙන ඉන්න ඕනෑ මෙයාට ආපහු බාරදීලා.  පුදුම චරිත. අපි ආයේ එයාට නැගිටින්න දෙන්නේ නැහැ. ආයෙත් රට විනාස කරන්න ඉඩ දෙන්නෙ නෑ. ‘

‘අපි රාජපක්ෂගේ කන්ගැට්ටෙන් අල්ලලා කරකවා කරකවා කරකවා අනන්තයට අතහැරියා ඒත් ගෙවලයා වගේ වැටිලා තියෙන්නේ පාර්ලිමේන්තුව පැත්තට වැටිලා කොච්චර එලෙව්වත් කොච්චර පහත් තත්ත්වයට වැටුණත් ඒ බල ලෝබය යන්නේ නැහැ.‘
 
Related Posts with Thumbnails