Ads 468x60px

.

ලොවම කතා වූ දඩ සෙල්ෆිය ගැන එහි නිර්මාතෘ කී සුවිශේෂී කතාව...!


අපි එක එක තැන්වලට ගිහින්, එක එක අයත් එක්ක එක එක විදියේ සෙල්ෆි ගහනවා. ඒ අතරින් මේ දවස්වල ලෝකෙම කතාකරන්නේ දඩ සෙල්ෆිය ගැන. දඩ සෙල්ෆිය මුළු ලෝකෙටම හඳුන්වාදුන්නේ ලංකාවේ
තරුණයෙක්.

ඒ දඩ සෙල්ෆිය ගැන අනාවරණයෙන් පස්සේ ලෝකේ බොහොමයක්
රටවල් වල දඩ සෙල්ෆිය ගැන කතා කළා. ඉතිං මේ දවස්වල ගොඩක්
කට්ටිය උත්සාහ ගන්නේ දඩ සෙල්ෆි ගහන්න. 

දඩ සෙල්ෆි ගැන ලෝකෙම කතාකරන මේ මොහොතේ ඒක ලෝකෙටම හඳුන්වාදීපු  ලංකාවේ ඒ තරුණයත් එක්ක මුහුණට මුහුණ කල සංවාදය පහතින්.

ප්‍රශ්නය - ඔයාගේ නම මොකක්ද ?
පිලිතුර - චමත්ක පෙරේරා

ප්‍රශ්නය - අර සෙල්ෆිය ගත්තේ කවද්ද?
පිලිතුර - ඒක ගත්තේ පොසොන් දවසේ අනුරාධපුරේ යද්දි.

ප්‍රශ්නය - කාත් එක්කද අනුරාධපුරේ ගියේ ?
පිලිතුර - ගමේ යාළුවෝ එක්ක බයික් එකේ ගියේ

ප්‍රශ්නය - එදා දඩේ ලීවේ මොන වැරැද්දකටද ?
පිලිතුර - වැරැද්දකට නෙවෙයි, ලයිසන් චෙක් කරන්න තමයි නතර කළේ. දඩයක්නම් ලීවේ නෑ.

ප්‍රශ්නය - ඒ වෙලාවේ සෙල්ෆියක් ගන්න හිතුනේ ඇයි ?
පිලිතුර - අපි ඒ වෙලාවේ කට්ටියම එකතු වෙලා ෆොටෝස් ගත්තා, එතකොට නිකමට වගේ හිතිලා තමයි පොලිසියේ එක්කෙනා එක්ක සෙල්ෆිය ගත්තේ.

ප්‍රශ්නය -  චමත්ක ජනප්‍රිය වෙන්න ආසාවෙන්ද හිටියේ ?
පිලිතුර - එහෙමත්ම නෑ, හිතන්නැතුව තමයි ඔය ෆොටෝ එක දැම්මෙත්, දන්නෙම නැතුව ඒක ජනප්‍රිය වුණා.

ප්‍රශ්නය - දැන් හැමෝම සෙල්ෆිය ගැන කතා කරනවා. මොකද හිතෙන්නේ ?
පිලිතුර - සතුටුයි ඒ ගැන හුඟක්.

මෙහි සම්පූර්ණ සංවාදය ඇතුලත් හිරු වීඩියෝව පහතින් නරඹන්න....

 
Related Posts with Thumbnails