Ads 468x60px

.

සිරිසේන මහතා මැදමුලනේ හිටපු ජනාධිපති වරයාගේ නිවසේ...


පසුගිය ජනාධිපතිවරණයේ දී තරග කළ ආර්.ඒ.සිරිසේන මහතා ද ඊයේ (01) මැදමුලනේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති විශේෂ උත්සවයට සහභාගී වී තිබෙනවා.

ජනපතිවරණයේ දී ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතා අනුකරණය කරමින් කටයුතු කළ අතර මැතිවරණය පැවති දින මහින්ද රාජපක්ෂ මහතා හමු වෙමින් සිරිසේනත් මහින්දට සහාය දුන් බව එහි සිට නිවේදනයක් ද

නිකුත් කරනු ලැබුවා.

මෛත්‍රීපාල සිරිසේන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණින් තරග කරන විට ආර්.ඒ. සිරිසේන ජනපතිවරණයට ඉදිරිපත්වූයේ දේශප්‍රේමී ජාතික පෙරමුණේ කොඩිය ලකුණෙන්.

මැතිවරණ මහ‍ලේකම් කාර්යාලයේ ලියකියවිලි වලට අනුව දේශප්‍රේමී ජාතික පෙරමුණේ මහා ‍ලේකම්වරයා වන්නේ යක්කල, ගම්පහ පාර, සෙන්ට්‍රා පාර්ක්, අංක 3/7 දරන ස්ථානයේ සිටින පියසිරි විජේනායක මහතායි.

ඔහු මේ ආණ්ඩුවේ පාර්ශ්කරුවෙකු වන විමල් වීරවංශ ඇමැතිවරයාගේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල චරිතයක් ද වනවා.


 
 

 
Related Posts with Thumbnails