Ads 468x60px

.

තිර පරීක්ෂණයට පියයුරු පෙන්වන බ්‍රෙසියර් ඇඳන් එන්න කියලා...


නිළියකට නිරුවත්වීම කොයිතරම් මානසිකව බලපාන කරුණක්ද යන්න විමසිය යුතු කරුණක්. ලංකාවේ නිරුවත්වීම යනු නිළියක සිය ගෙල සිඳ ගත්තා හා සමාන වන්නකි. ඒ මේ රටේ කුහක සදාචාර සම්පන්න උපාසක උපාසිකා සමාජයක් අමාරුවෙන් මෙන් නඩත්තු කරගෙන යන නිසායි. 

නිරුවත රහසින් නරඹන්නට මේ සියල්ලෝම කැමති බව නොරහසකි. සත්‍යයකි. නමුත් නිළියකට නිරුවත්වීමට නියෝග නිකුත් කිරීම හෝ
බලපෑම් කිරිම නිසා රෝසි නැමැති හොලිවුඩ් තරුවක් කළ ප‍්‍රකාශයක් නිසා හොලිවුඩ් පුවත් වාර්ථා කරන මාධ්‍ය රැසක මේ පිළිබඳව වාර්ථා කර තිබුණා.

තිර පරීක්ෂණයට පියයුරු පෙන්වන තනපට ඇඳන් එන්නට උපදෙස් දීලා

රෝසි අරියානා මැග්ගෝන් වඩාත් ප‍්‍රසිද්ධව සිටින්නේ ගායිකාවක් සහ රංගන ශිල්පිනියක් ලෙසයි. ඇය ජනප‍්‍රිය වෙන්නේ 1998 දී පැවති එම් ටී වී සම්මාන උළෙලට එවක ඇගේ පෙම්වතා වූ මැරිලින් මෙන්සන් සමග ශරීරය නිරාවරණය කළ ඇඳුමකින් සැරසී සහභාගී වීමත් සමගය. 


2007 වර්ෂයේදී රෝලිං ස්ටෝන් සගරාව වෙනුවෙන් නිරුවත් ඡයාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව බොහෝදෙනෙක් ඇය පිලිබඳව කතාබහ කරන්නට විය.

හොලිවුඩය තුළ දී රංගන ශිල්පිනියන්ට අත්විඳින්නට සිදුවන කටුක ලිංගික අත්දැකීම් පිලිබඳව ප‍්‍රසිද්ධියේ අදහස් ප‍්‍රකාශ කිරීමත් සමග ඇය හොලිවුඩය තුළ මෑතකාලීනව කතාබහට ලක්වූ චරිතයක් බවට ඇය පත්වුවාය

ලෝකය ඉදිරියේ හොලිවුඩය නිරුවත් කරවන ප‍්‍රකාශයක් සිදුකිරීමට රෝසිට හේතුවන්නේ ඇඩම් සැන්ඞ්ලර්ගේ චිත‍්‍රපටයක තිර පරීක්ෂණ උදෙසා සහභාගීවන රංගන ශිල්පිනියන් විසින් පිලිපැදිය යුතු උපදෙස් පිළිබඳව දැනුම්දීමත් සමගය. 


මේ උදෙසා සහභාගී වන්නට සුදුසු වූ පිරිස අතර රෝසි ද සිටියාය. මෙම උපදෙස් පත‍්‍රිකාවේ සඳහන් කර තිබෙන්නේ පියයුරු හොඳින් පෙන්වන තිසර පට (බ්‍රෙසියර්)නිළියන් විසින් ( උඩුකයට අඳින ඇඳුම් වලට යටින්) එදිනට ඇඳගෙන ආයුතු බවත් එහිදී පියයුරු අතර රැඳි විවරය මනාව දර්ශනය විය යුතු බවත්ය. 

මෙම පණිවිඩය රෝසිට ලැබෙන්නේ ඇගේ රංගන නියෝජිතවරිය මගින්ය. මේ තත්වයත් සමග ඇගේ ඒජන්තවරිය සහ ඇය අතර මතවාදීමය ගැටුමක් ද හටගෙන තිබෙන බව වාර්තා වුණි

මෙම දැනුම් දීමෙන් කුපිත වන රෝසි පසුගිය 24 වනදා ( ජූනි) සිය ට්වීටර් ගිණුම වෙත නිකුත්කර තිබුණු පණිවිඩයක මේ බව සටහන් කළාය. රෝසි මේ පිළිබඳව නොබියව අදහස් ප‍්‍රකාශ කිරීමත් සමග ඇගේ රංගන ඒජන්ත වරිය වන ෂීලා වෙන්සල් විසින් ඇයව නෙරපා දමාතිබෙන බවට වූ පුවත් ද පසුගියදා පැතිර ගියේය. කෙසේවුවත් ආයතනික වශයෙන් ඇතිවු ගැටලූ වෙනුවෙන් සිය අප‍්‍රසාදය පළ කරමින් ශිලා ද මින් ඉවත් වූ බව සඳහන්ය.

කලාකරුවෙක්ට කවදාවත් හදවතින් ප‍්‍රතික්ෂේප වෙන්න බැහැ

මේ සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප‍්‍රකාශ කරන්නේ ‘කලාකාරිනියක් වීම යන්න තුළ දැනෙන වඩාත් සුවිශේෂී කරුණ වන්නේ එවැන්නකුට කිසිදා ඔවුන්ගේ හදවතින් අධෛර්්‍යය සම්පන්න, ප‍්‍රතික්ෂේපිත පුද්ගලයකු විය නොහැක’ යන්නයි. මෙම පණිවිඩයට ‘නිදහස’ යන වදනද ඇය එක්කර තිබුණාය.

මෙහිදී 'කලූ හෝ සුදු සමින් යුතු ගැහැණියක් සිරුරට ගැළපෙන ඇඳුම් අඳිමින් පියයුරු අතර රැඳි හිදැස පෙන්වමින් (සිරවූ තනපටයෙන් විවරණය වූ) ඊටම ගැළපෙන කලිසම්, ඇඳි විට ඇය කලූද සුදු යන්න අදාළ නොවේ යන්න ද අද රගපාන්නට හැකියාව ලැබෙන්නේ එවැනි ආකාරයෙන් සැරසී සිටින්නියකට යන්න බවද ඇය සඳහන් කර ඇත.


මෙම ට්වීට්ර් පණිවිඩය තුළ විශේෂිත තිසරපට වලින් සැරසී රෝසිට පැමිණෙන්නට යැයි කිවූ ඇඩම් සැන්ඞ්ලර්ගේ (හොලිවුඞ් නලූ, තිර පිටපත් රචක, චිත‍්‍රපට නිෂ්පාදක ) නාමය ඍජුවම සඳහන් නොකළද රෝසි ගේ ප‍්‍රකාශය තුළ සඳහන් කරන්නේ ඔහු පිළිබඳව බව පහසුවෙන්ම තේරුම්ගත හැකිය.

රෝසිගෙන් ඇඩම් සැන්ඞ්ලර්ට චෝදනාවක්

‘ මම කවදාටත් වඩා මෝඩ වෙලා වැරදි කරලා තියෙනවා. මේ කාරණය බොහෝ මිනිස්සු හරහා ගියත් කවුරුවත් ඊට රතු කොඩිය වනලා නැහැ. මිනිස්සුන්ට නම් මේක සාමාන්‍ය අත්දැකීමක්. 


ඒත් මේ කාරණේ තරුණියකට වුවත් බලපාන කරුණක් වන බවද රෝසි සිය ට්වීටර් පණිවිඩයේ සඳහන් කර තිබුණු අතර හොලිවුඞ් තුළ තිබෙන මේ ලිංගිකත්වය පිලිබඳව අදහස් දක්වමින් ඇය පැවසුවේ ‘ මෙය සංස්ථායිත කරුණක් වන බැවින් ගැටලූවක් නැත ’ යන්න යි

‘දිග කොණ්ඩයක් තිබුණනම් තවත් පිරිමි එයි ’අවුරුදු 17 දී රංගන ඒජන්තවරයාගෙන් රෝසිට උපදෙසක්

හොලිවුුඞ් නිළියන් ආශ‍්‍රය කරගනිමින් සිදුකෙරෙන ලිංගික ගනුදෙනු පිළිබඳව ද මාධ්‍ය සාකච්ඡවකට එක්වෙමින් පසුගියදා ඇය විවෘතව අදහස් ඉදිරිපත් කළ අතර හොලිවුඞ් තුළ ඇය විඳි ඇගේ පළමු ලිංගික අත්දැකීම පිළිබඳවත් එහිදී ප‍්‍රකාශ කර සිටියාය. ‘ මගේ පළමු චිත‍්‍රපටය කරද්දි මගේ ඒජන්ත කිව්වේ මට දිග කොණ්ඩයක් තියෙන්න ඕන කියලයි. එහෙම වුණොත් මේ නගරයේ ඉන්න මිනිස්සු මා සමග නිදාගන්න ඒවි කියලා ඔහු කිව්වා. 


ඒ වෙද්දී මට අවුරුදු 17 යි ’ රෝසි මීට පෙර ගායන ශිල්පියකු වන මැරිලින් මෙන්සන් සමග විවාහ ගිවිසගෙන සිටි අතර 2001 දී ඇය ඔහුගෙන් ඉවත්වන්නේ ඔහුගේ ජීවන රටාවේ පැවති වෙනස්කම් හේතුවෙනි. 

මාධ්‍ය හමුවක් අතරතුරදී මේ පිළිබඳව විමසන ලද අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අතර පවතින නොගැළපීම පිළිබඳව රෝසිගෙන් විමසා සිටි අතර ඇය එහිදී පවසන්නේ ‘ඇමරිකානු දාමරිකයකු වන අල් පැසිනෝගේ වැනි දාමරික පෙනුමක් ඔහුගේ මුහුණේ ඇති බවයි.

41 හැවිරිදි වියේ පසුවන රෝසි මේ වනවිට විවාහ වී සිටින්නේ ඇයට වඩා වසර 9 කින් බාල ඬේව් ඞීටේල් සමගයි.

මම විකිණෙන්න සූදානම්

මෙහිදී වඩාත් ආන්දෝලනාත්මක සිදුවීම වන්නේ පසුගිය වසරේදී (2014)මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප‍්‍රකාශ කළ කරුණ ඇය විසින්ම අසත්‍යයක් බවට පත් කිරීමයි. එහිදී ඇය පවසන්නේ ‘ අද වෙද්දී සිනමා කර්මාන්තය තුළ ඉන්න ගැහැණියකගෙන් බලාපොරොත්තු නිරුවත සිනමාව වෙලා තිබෙන පාර්සලයක් බවට පත්වෙලා. 


කාන්තාවක් විදියට මාව අලෙවි කරන්න මම සූදානම් .මගේ සිරුර, මගේ ප‍්‍රතිරූපය, මම අලෙවි කරනවා. ඒ ගිවිසුමට මම එළඔුණේ කවද්ද කියලා මට මතක නැහැ. නමුත් මට මාවම විකුණන්නට වී තිබෙනවා ’ යන්නයි

කෙසේවුවත් හොලිවුඩය තුළ සිටින රංගන ශිල්පිනියන්ට ලිංගිකමය වශයෙන් සිදුවන කෙනහිලිකම් පිළිබඳව කතාබහ කරන්නට ඉදිරිපත් වීමට තරම් ධෛර්‍යයක් රෝසිට හිමිව තිබීම නම් සතුටට කරුණකි.
 
Related Posts with Thumbnails