Ads 468x60px

.

මගේ අනාවැකිය වැරදුනා..... කාටත් වරදිනවා - සුමනදාස අබේගුණවර්ධන


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රාජකීය ජ්‍යෙතිෂඥයා ලෙස පසුගිය රජය සමයේ ක්‍රියාකළ ප්‍රවීණ ජ්‍යෙතිෂ සුමනදාස අබේගුණවර්ධන මහතා වරින් වර මාධ්‍යයේ කතාබහට ලක්‌වන චරිතයකි. ඊයේ පෙරේදා දවසක සුමනදාස මහතාගේ නම හිටපු කලා - සංස්‌කෘතික ඇමැති ටී. බී. ඒකනායක මහතා ප්‍රසිද්ධ වේදිකාවකදී ප්‍රචාරය කළේය.

ඔහු සුමනදාස මහතාව හෑල්ලුවට පත්කර තිබුණි. ඒකනායක මහතාගේ මෙම ප්‍රකාශය සියලුම විද්යුත් නාලිකාවල විකාශනය විය. සුමනදාස මහතා මාධ්‍යයට හොඳ මාතෘකාවක්‌ වීම නිසා ඔහු පුවත් මවන්නෙකු

බවටද පත්විය. ඉකුත් සති අන්තයේ සුමනදාස මහතා සමඟ කල දුරකථන සංවාදයක් පහතින්.

ප්‍රශ්නය - සුමනදාස මහත්මයා...

පිළිතුර - ඔව් මම දන්නවා. දුරකථන අංකය දැකලයි මම කතා කරන්නේ.

ප්‍රශ්නය - ඊයේ පෙරේදා ටී. බී. ඒකනායක හිටපු ඇමැතිතුමා පුංචි මඩක්‌ ගැහුවේ.

පිළිතුර - එයාලට අතීතය මතක නැහැ. ඔය ටී. බී. ඒකනායක මහත්මයා පසුගිය කාලයේ අපේ ගෙදරට ඇවිල්ල කාල බීලා ගිය උදවිය. එයා නිතරම මා සමඟ හිතවත්කම් තියාගන්න කෙනෙක්‌. ප්‍රශ්නය මට ඔය විදිහට සලකන්නේ මගෙන් කාලා බීලා ගිය කට්‌ටියයි.

ප්‍රශ්නය - තවත් ඒ වගේ උදවිය ඉන්නවාද?

පිළිතුර - ඇයි නැත්තේ අර හැරිසන් මහත්මයා අපේ ගෙදරට එන්නේ බෝතලයක්‌ දෙකක්‌ අරගෙනයි. තවත් හුඟදෙනෙක්‌ ඉන්නවා. කන්න බොන්න දීලා කුල කියන්න හොඳ නැහැ... සමාජයේ තත්ත්වය ඔහොම තමයි...

ප්‍රශ්නය - හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයා ඔබට බැණ වැදුණද?

පිළිතුර - අපොයි නැහැ.... බැණ වදින්න හේතුවක්‌ තියෙන්න ඕනෑ..

ප්‍රශ්නය - ඔබ කියූ අනාවැකි වැරදුනානේ....

පිළිතුර - වැරදුනා තමයි... මෙන්න මෙහෙමනේ වුණේ...

මනාලයෙකුට සහ මනාලියකට මම පොරොන්දම් හැදුවා.. ඊට පස්‌සේ මොකද වුණේ මනාලයා වෙනත් කෙල්ලක්‌ සමග පැනලා ගියා... ඉතින් මගේ පොරොන්දම් වරදිනවා... හිටපු ජනාධිපතිතුමාටත් වුණේ ඔය දේමයි. මම රනිල් මහත්මයාටයි... 


මහින්ද මහත්මයාටයි අනාවැකිය හැදුවා... මොකද වුණේ රනිල් මහත්මයා වෙනුවට මෛත්‍රී මහත්මයා ඡන්ද සටනට ආවා... මගේ අනාවැකිය වැරදුනා.. ඒක මට විතරක්‌ නොවේ කාටත් වරදිනවා.. 

මහින්ද මහත්මයා මේ ගැන දන්නවා... ඒ හින්ද මට මුකුත් කිව්වේ නැහැ.... මට දුක මගෙන් උදව් ගන්න අය මගෙන් කාපු බීපු අය අද මට මඩ ගහන එකයි...

ප්‍රශ්නය - ඔබ හොයාගෙන පැමිණ ඇත්තේ කවුද?

පිළිතුර - හුඟාක්‌ පක්‍ෂවල උදවිය ආවා ගියා... කෑවා... බිව්වා... ඒත් අපරාදේ කියන්න බැහැ... ජනතා විමුක්‌ති පෙරමුණේ උදවිය විතරයි එදා අපේ ගෙදරට නාවේ.

ප්‍රශ්නය - ඔය දේශපාලනඥයෝ දැන් තවත් ඔබේ ගෙදරට එනවද?

පිළිතුර - සිනාවෙයි... මහත්තයෝ... ඒගොල්ලෝ දැන් මට බැණ බැණ අනාවැකි අහන්න මගේ ගෙදරට එනවා...

ප්‍රශ්නය - ඔබ හිටපු ජනාධිපති මහින්ද මහත්මයා සමග සමීපව සිටි සමයේදී ඔබ අනාවැකි හෙළිකළ තවත් ප්‍රබල චරිත තියනවද?

පිළිතුර - මම අද ඔබට කියන්නම්... යුද්ධය කාලයේදී හිටපු ජනාධිපතිතුමා මට හඳහන් කොපි දෙක තුනක්‌ දීල කිව්වා.. පුළුවන්නම් මේ හඳහන් කොපි වලට අනාවැකි ටිකක්‌ දෙන්න කියලා. 


බැලින්නම් මෙම හඳහන් කොපි කොටි නායකයාව සිටි ප්‍රභාකරන්ගේ සහ ඔහුගේ දරුවන්ගේ හඳහන්... මම කිව්වා ජනාධිපතිතුමනි... ඉතා ඉක්‌මනින් ඔබතුමාගේ නියෝගය යටතේ කොටි නායකයා සහ ඔහුගේ පවුලේ අය මැරෙනවා කියලා... එතකොට හිටපු ජනාධිපතිතුමා හිනාවුණා....

මොකද වුණේ වැඩි කාලයක්‌ ගියේ නැහැ.... ප්‍රභාකරන් ඇතුළු පිරිස හමුදා වෙඩි ප්‍රහාරවලින් මරුමුවට පත්වුණා.

ප්‍රශ්නය - මෙදා මැතිවරණය ගැන ඔබේ අදහස...

පිළිතුර - අනේ මහත්තයෝ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න... මම දැන් දේශපාලන අනාවැකි කියන්නේ නැහැ. මට ඕවා අවශ්‍ය නැහැ...

ප්‍රශ්නය - ඔබ පිටස්‌තර අයට උදව් කරලා තිබෙනවාද?

පිළිතුර - ඔව් මම හුඟ දෙනකුට උදව් කරලා තියෙනවා. අසරණයන්ට තෑගිබෝග ලබාදී තිබෙනවා. රස්‌සාවල් ලබාදී තිබෙනවා. නමුත් ඒ උදවියට තාමත් ඒවා මතකයි. නමුත් දේශපාලනඥයන්ට ඒවා මතක නැහැ.

මගේ අදහසක්‌ තිබෙනවා ළඟදීම ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ මෙහේ පවත්වන්න... එදාට මට ඔබටත් ආරාධනාවක්‌ කරන්නම්.. මම එකක්‌ කියන්නම්.. මම කවදාවත් කාටවත් වංචාවක්‌ කරලා නැහැ... මට මොනවා කිව්වත් කමක්‌ නැහැ..

සඳුන් ගස කපන්න කපන්න සුවඳයි...
 
Related Posts with Thumbnails