Ads 468x60px

.

අන්තර් ජාලයේ මෙන්ම මූණු පොතේද සීග්‍රයෙන් සංසරණය වන මහින්ද රාජපක්ෂගේ ඡායාරූපය


මේ වන විට අන්තර් ජාලයේ මෙන්ම මූණු පොතේද සීග්‍රයෙන් සංසරණය වන මහින්ද රාජපක්ෂගේ මෑත කාලීන ඡායාරූප පිළිබඳව ඔහුගේ පුද්ගලික වෛද්‍යවරයා වන එලියන්ත වයිට්ගෙන් ඔහුගේ හිතවතෙකු කරුණු විමසූ කල ඔහු පවසා ඇත්තේ ‘ලොක්කට ඩිප්ප්‍රෙෂන්. 

හැම වෙලාවෙම කන එකමයි වැඩේ. කොච්චර එපා කිව්වත් අහන්නෑ. උදේට හොඳට මුං ඇට කිරිබත් කාලා ඒ ගමන්ම පෑන් කේකුත් ඉල්ලනවා. ඩිප්ප්‍රෙෂන් වැඩිවුනාම මිනිස්සු කනව වැඩියිනෙ.  ඒකයි දැන් අවුට් ඔෆ් ෂේප් ගිහිල්ලා ඉන්නෙ. ආයිත් අගමැති වෙලා ඇගට මසාජ්
වැටෙනකොට බැහැලා යයි' කියාය.

මෙම ඡායාරූප කීපය හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ බිරිඳ වන අප්සාරි සිංහබාහු තිලකරත්න විසින් ඇගේ මූණු පොතට එක් කිරීමෙන් අනතුරුව එය වෛරසයක් මෙන් මූණු පොත පුරා පැතිරෙන්නට විය. එය දුටු මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය ඔලුවේ අත ගසා ගනිමින් පවසා ඇත්තේ ‘මේ වගේ එක මිතුරියක් හිටයහම ඇති ආයිත් හතුරො ඕන්නෑ' කියාය. 


මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය අංශය පවසන්නේ මෙය හිටපු ජනාධිපති වරයාට අපහාස කිරීම සඳහා හොඳ යූඑන්පී කාරයෙක් වන හෂාන් තිලකරත්න හා ඔහුගේ බිරිඳ සියුම්ව සැලසුම් කර ඇති දෙයක් බවයි. 

හිටපු ජනාධිපතිවරයා අප්සාරි සිංහබාහු තිලකරත්න වෙත මෙතරම් ආසක්ත වී ඇත්තේ ඇය දේවාරූඨයෙන් සාස්තර කියන තැනැත්තියක් වන බැවිනි. පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරන බව ඇය පේන කියා තිබිණ.

 
 
Related Posts with Thumbnails