Ads 468x60px

.

වෛද්‍ය සිසුවිය නිරුවත් කර දැන්වීමක් හැදූ අවසන් වසරේ සිසුවා...!


තමන් ආදරය කළ වෛද්‍ය සිසුවියකගේ නිරුවත් ඡායාරූප දැන්වීමක ආකාරයෙන් සකසා අන්තර්ජාලයට එක් කළ අවසන් වසර සිසුවකු පිළිබඳව රජරට විශ්ව විද්‍යාලයෙන් වාර්තා වනවා.

කෑගල්ලේ පදිංචි මෙම වෛද්‍ය සිසුවිය ද රජරට විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන අතර දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය 2013 වසරේදී ආරම්භ වී තිබෙනවා.

පසුව තරුණයාගෙන් වෙන්ව ගිය මෙම සිසුවිය මේ වසරේ ජනවාරි මස දෙමාපියන්ගේ අවසරය මත වෙනත් තරුණයකු සමග විවාහ වී ඇති

අතර පසුව අනුරාධපුරයේ දී මේ දෙදෙනා යළිත් හමුවී ඇත්තේ දැඩි විරසකයක් ද ඇතිවයි.

තමන්ව අනුරාධපුර දී යළිත් හමුවූ මේ සරසවි ප්‍රේමවන්තයා බලහත් කාරයෙන් ලිංගිකව එක්ව ඡායාරූප ගත් බව පවසන වෛද්‍ය සිසුවිය, එම ඡායාරූප පසුගිය අප්‍රේල් මාසයේ 28 වන දා ඔහුගේම පුද්ගලික ෆේස්බුක් ගිණුමින් ඒවා ප්‍රසිද්ධ කර ඇති බව රහස් පොලිසියේ පරිගණක අංශයේ ස්ථානාධිපතිවරයා වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව සැකකාර සිසුවා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඊයේ (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
 
Related Posts with Thumbnails