Ads 468x60px

.

ජාතික රූපවාහිනී සභාපති සෝමරත්න දිසානායක ඉල්ලා අස්වන ලකුණු...!


නව රජය යටතේ අලූතින් පත්වීමක් ලබාගත් ජාතික රූපවාහිනියේ සභාපති සෝමරත්න දිසානායක මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මේ තීරණය සම්බන්ධයෙන් හේතු පැහැදිලි කිරීමක්
තවම සිදු කර නැති අතර ඔහු විසින් අද සවස පවත්වන්නට නියමිත බව කියන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ තීරණය විස්තර සහිතව හෙළි කරන බවද පවසා තිබෙනවා.

පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ ප්‍රබල ලෙස දේශපාලන වශයෙන් මහින්ද වාදියෙකුව සිටි සෝමරත්න දිසානායක එම රජයේ අවසාන කාලයේ යම් යම් ප්‍රශ්න මත විරසකකම් ඇති කරගෙන තිබුණ අතර මෛත්‍රී රජයක් වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පිල් මාරු කළා.

අනතුරුව නව රජය බලයට පත්වී දින දෙකතුනක් යන්නට මත්තෙන් ඔහුට රූපවාහිනී සභාපති පදවිය ලැබෙන බවට වාර්තා පළවු නමුත් එම තීරණය කෙරෙහි ඇතැම් අයගේ නොමනාපකම් පළව තිබුණා.


මේ නිසාම තමන් විවේචනය කරන අයටද කතාකරන්නට ඇරයුම් කරමින් විවෘත සංවාදයකට එන්නැයි කියමින් ඔහු ජනහමුවක්ද සූදානම් කළ නමුත් විවේචකයින් එයට පැමිණ සිටියේ නැත.

අනතුරුව පසුගිය කාලයේ ජාතික රූපවාහිනියේ වෙනස්කම් රැසක් සිදු කරමින් ඔහු සිය කටයුතු දිගටම කරගෙන ගොස් තිබුණා. ඔහුගේ මෙම ඉල්ලා අස්වන තීරණය සම්බන්ධයෙන් තොරතුරු සවස දැනගන්නට ලැඛෙනු ඇත.


( ඉතා නිර්ලජ්ජිත ලෙස මහින්ද රාජපක්ෂට වන්දිබට්ටකම් කරමින් කලාව විකුණගෙන කෑ, කලා මුදලාලීයකු වන සෝමරතන තමන්ගේ වෙළදාමට අවශ්‍ය පරිදි චිත්‍රපට සංස්ථාව මෙහෙයවා ගැනිමට එහි හිටපු සභාපතිවරයා ඉඩ නොදීම නිසා පැවැති රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කර මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට එක් වූයේය. ඔහුව එසේ ගෙන එනු ලැබුවේ ජාතික හෙල උරුමය විසිනි.

එකල සෝමරත්න දිසානායක මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කිරීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් පවා බෙහෝ දෙනෙක් තුළ පැවැතියේ දැඩි විරෝධයකි.

කෙසේ වුවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව කළ පළමු පත්වීම වූයේ සෝමරත්න දිසානායක මහතා රූපවාහිනී සංස්ථාවේ සභපතිධුරයට පත් කිරීමය. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් බරපතල විරෝධයක් ද එල්ල වූයේය.)


 
Related Posts with Thumbnails