Ads 468x60px

.

"මධු මාධවට පපුවේ අමාරුවක්" කීවාට ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ අදහස්


මධු මාධව අරවින්ද කලාකරුවෙක් මෙන්ම දේශපාලන චරිතයක් ලෙසත් හැඳින්වෙනවා. අද (3) පෙරවරුවේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ආර්.සම්බන්ධන් මහතා නම් කිරීමත් සමග ඔහු තම ෆේස්බුක් පිටුවට ඒ සම්බන්ධයෙන් තම අදහස එක කර තිබෙනවා.

මගේ පපුව ගොඩාක් රිදෙනවා යනුවෙන් ඔහු කර ඇති අදහස් දැක්වීම පහතින් දැක්වෙනවා.

"අනේ ආදරණීය සිහලුනේ, මට සමාවෙයල්ලා... මගේ පපුව ගොඩාක් රිදෙනවා..සත්තයි, උඹලා දේශපාලනය නිසා ආදරය කලා වගේම

අපහාස කලත් මම තරහා උනේ නැහැ. ඒත් විපක්‍ෂ නායක හැටියට පත් වෙන නොමල කොටියා මාර්ගයෙන් මැරෙන්න දේශපාලන බෝම්බයක් වෙන්න බැරි උනාට මට සමාවෙයල්ලා.... 

මගේ ශ‍්‍රී ලංකා අම්මේ .. මට සමාවෙන්න. මියගිය 27600 විරුවණි මට සමාවෙන්න ... සිංහල ජාතියේ ආදරණීය මිනිසුනේ මට සමාවෙයල්ලා .... මේ මහා පාවාදීම සිදුවෙනකොට මම ජීවතුන් අතර සිටියා ...ඒකට මට සමාවෙයල්ලා .... කිසිදාක සමාව දෙන්නේ නෑ.... මේ පාවාදීමට එරෙහිව මැරුම් කන්න උනත් ලෑස්ති සිංහලයින්."

මේ අදහසට ෆේස්බුක් මිතුරු මිතුරියන් විවිද අදහස් පළකර තිබෙනවා.

රටේ ප්‍රශ්ණ විසදන්න කලින් ගෙදර ප්‍රශ්ණ විසදාගතොත් නරකද?

ලෝකෙට පරකාසෙ. ගෙදරට මරගාතෙ..

කියලා තියෙන කතාවේ ටිකක් ඇත්ත. ඒත් උඹ කවදාවත් කියන දේ කරන එකෙක් නෙවෙයි හින්දා මේක පිළිගන්න බැ බන්

යුද්දේ තිබ්බ කාලේ බීලා ඇවිල්ලා ගෙදර දොරට තඩි බාපු වීරයා ගෑනිට තඩිබාපු වීරයා දැන් දෙශපාලන බෝම්බ ගැන කතා කොරනවා....


ඉහත අදහස් ඇතුළු අදහස් රැසක් එහි ඇති අතර එම අදහස් රැසක් පහතින් දැක ගත හැකියි. 


ara
mad2mad2
 
Related Posts with Thumbnails