Ads 468x60px

.

නඩු ගාස්තු වෙනුවට කරාබු ගලවන නීතීඥවරියෝ


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියන් දෙදෙනෙකු කාන්තාවකගේ කනෙහි තිබූ කරාබු ජෝඩුවක් ගලවා ගැනීමක් පිළිබඳ පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී තිබෙනවා.

ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සිය සැමියාගේ නඩුවකට මෝසමක් ගොනු කිරීමට මේ කාන්තාව අධිකරණයට පැමිණ ඇති අතර ගාස්තු ගෙවීමට ප්‍රමාණවත්
මුදලක් ඇය සතුව තිබී නැහැ.

අදාල කාන්තාව අධිකරණයේ දී මෙම නීතිඥවරියන් හඳුනාගෙන තමා පැමිණි කාරණාව ඔවුන්ට පැවසූ බවත්, ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය බවට නීතිඥවරියන් තමාට දැන්වූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ. 


තමා සතුව මුදල් නොමැති බව ඇය පවසා ඇති අතර, එසේනම් කනෙහි ඇති කරාබු ජෝඩුව මුදල් වෙනුවට ලබාදෙන ලෙස නීතිඥවරියන් කළ ඉල්ලීමට තමා එකඟ වූ බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

හසින්තා සමන්තිකා යන පැමිණිලිකාරිය සිය කරාබු ජෝඩුව නීතිඥ වරියන්ට ‍ ගලවා දෙනු අසල සිටි පිරිසක් දැක එය මහේස්ත්‍රාත් වෙත දන්වා තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නීතිඥවරියන් දෙදෙනා කැඳවා තර‍ෙය් අවවාද කර පැමිණිලිකාර කාන්තාවගේ කරාබු දෙක ආපසු ලබාදී ඇයට නිවස බලා යාමට මුදල් නොමැති බව පැවසූ හෙයින් ඒ සඳහා රුපියල් දහසක මුදලක් ලබාදීමටද පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.
 
Related Posts with Thumbnails