Ads 468x60px

.

ලෝකයටම අනතුරුදායකයි.ශනි - මංගල යෝග උදාවෙයි.

මුළු ලෝකයටම අපල කරමින් ‘ශනි මංගල යෝගය වසර 2011 -07 25 වැනි දින සන්ධ්‍යාවේදී පෙ.ව. 06.18ට උදා වේ. ලෝකායන ජ්‍යෙතිෂ්‍යය ඇසින් ඉතා විපරමින්  යුක්තව බැලීමෙන් ලොවම කළඹන විලාසයක් ගන්නා කාලයක අශුභ පෙර නිමිති මතු  කරයි.

පුද්ගල කේන්ද‍්‍රයකදී නම් මත දෙකක් මෙම යෝගය දකී. විවාහයට අශුභ පිහිටීමක්  වශයෙන්සමහරුන් එය ශුභවාදී පිහිටීමක්කියයි. පෙර ඍසිවරුන් විසින්  පැහැදිලිව ලොවටම මෙය අඵල බැව් ප‍්‍රකාශ කෙරේ. නමුත් ඡුන්ම පත‍්‍රයේ අනිකුත්  ග‍්‍රහයන් හා දීර්ඝ පර්යේෂණයකින් ශුභ අශුභ කිව යුතු බැව් මගේ මතයයි.

එනමුත් මෙම අවස්ථාව සමස්ත ලෝකය කෙරෙහම බල පවතින්නක් බැව් මගේ අදහසයිලෝකායන ජ්‍යෙතිෂ්‍ය නෙතින් විමර්ශනය වීමේදී සෙනසුරුගේ කැළඹීම මතුකරන හා  කුජගේ මිථුනයට 2011 සැප්තැම්බර් 09 වැනි දින දක්වාම රැඳී සිටීම නිසා එම  කුජට සිව්වැන්නේ සිටිමින් සෙනසුරු දැකීමත් පීඩාකාරී වන අතරම සෙනසුරු තමන්ට 10 වැනි භාවය වූ කුජ අගහරුව දකී.

මෙය ජ්‍යෙතිෂ්‍යයේදී දෘෂ්ඨිමය නම් වූ ශනි මංගල යෝගය වේ. ලෝකයට විපරිත පීඩා හා විපත් ගෙනේ. රාජ්‍ය තන්ත‍්‍රය බිඳ වැටීම් භූ චලන හා කම්පන ජලය වියලීම ලැව් ගිනි හට ගැනීම උපරිම වීම බල වියරු වූ අය දැඩි කෝපය නිසා තමන්ගේ විනාසය ළග’ා කර ගැනීම, බලවත් රාජ්‍යය තාන්ත‍්‍රයන් බිඳ වැටීම නොසිතූ නොවිරූ විපත් ඇති වී හමුදාමය පාලන බලය ඉස්මතු වීම වායු ගෝලයේ කම්පිත බැව්  ඇතිවී ගුවන් යානා අනතුරු බහුල වීම, අවි ආයුද වරුසා වහිනවා වාගේ ඇති  වීම, වැනි විපත්මිනිස් සිතට වඩා බිය දනවනු ඇත.


ලෝකයටම අනතුරුදායකයි.
ශනි - මංගල යෝග උදාවෙයි.

මෙම උදාවීම 11-07-25 දින 06-18 උදාවේ.


එම උදාවීම ජ්‍යෙතිර්ෂ්‍යවේදීන් විවිධ අර්ථකථන දක්වනු ලැබේ. නමුත්පිළිබඳ ජ්‍යෙතිෂ ශාස්තෘන්මත කිහිපයක් පළ කර ඇත. එනමුදු වසර 30ක මාගේ අත්දැකීම් මත මෙම යෝගය ලෝකයට උදාවීම අප රටටත්, විනාශකාරී විපත් බල පවතින බව ඒකායන හැඟීමයි. මෙම යෝගය උදා වූ 1973 වසරේ සිට විශාල ජනතා පීඩනයක් බල පැවැත්වීමට පටන් ගෙන ඇත. යුග ජීවිත හා  පවුල් ජීවිත සහමුලින්ම පිපිරීම් හටගනී. මිනිස් චිත්ත සන්තානය විපර්යාස මතු කරයි. එකිනෙකා විරුද්ධකම් කරයි. සැහැසි වෙයි. විශේෂයෙන්ම දේශපාලඥයින්ට හා ප‍්‍රභලයින්ට අපලයි. ඒ අයගේ අභ්‍යන්තරික හා සහනය සහ සතුට විනාශවනු ඇත. මේ තුළින් ලංකාවේ ජීවන ක‍්‍රමයේද ජනතාවට විවිධාකාරව අසහනකාරී ස්වභාවයක් හට ගැනීම නොවැළැක්විය හැක. පුළුවන් තරම් ආධ්‍යාත්මික ආගමානුකූලව ජීවත්වීමෙන් සහනයක්  ලබාගැනීමට හේතුවක් ඇති වේ.

ලබන සතියේ සිට ඔබේ ලග්න පලාඵල දැන ගන්න  ...............
 
Related Posts with Thumbnails