Ads 468x60px

.

ගොයම් පෑගූ පිරිසකට බඹර ප්‍රහාරයක්‌

වැලිමඩ පොලිස්‌ බල ප්‍රදේශයේ දිවිතොටවෙල ඊයේ (12 දා) උදේ කුඹුරක ගොයම් පාගමින් සිටි පිරිසක්‌ අතරට කඩාවැදුණ බඹර පොදියක්‌ නිසා 80 හැවිරිදි අයකු හා තවත් දෙදෙනකු බඹර ප්‍රහාරයකට ලක්‌ව වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

වැලිමඩ දිවිතොටවෙල දෙමොදරගෙදර පදිංචි ආර්. එම්. අප්පුහාමි හා ඔහුගේ පුත්‍ර ආර්. එම්. රත්නායක (40) සහ මුණුපුරා චාමර රත්නායක (10) යන අය මෙසේ බඹර ප්‍රහාරයට ලක්‌වූ අතර 80 හැවිරිදි අයගේ අසාධ්‍ය තත්ත්වය මත බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම කුඹුරුයාය අසල වූ විශාල කොට්‌ට පුළුන් ගසක බඹර වද රාශියක්‌ බැඳ තිබෙන අතර ඒ අවස්‌ථාවේදී උකුසු ප්‍රහාරයකට ලක්‌ වූ බඹරයක්‌ මෙසේ කුපිත වී අනතුරුදායක තත්ත්වයක්‌ උද්ගතව තිබිණි.

මේ අවස්‌ථාවේදී බඹර ප්‍රහාරයට ලක්‌ වූ මී හරකුන් දෙදෙනෙක්‌ ද සැතපුම් ගණනාවක්‌ දුරට හිස්‌ ලූලූ අත දිවගොස්‌ තිබේ.
 
Related Posts with Thumbnails