Ads 468x60px

.

මතට තිත - තිතට මත වේ

රජය විසින් "මතට තිත" ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළත් මේ වසරේ (2011) පළමු මාස පහ තුළ රටේ සැර මත්පැන් හා බීර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ තිබේ.

මේ අනුව සැර මත්පැන් නිෂ්පාදනය සියයට 12 කින් සහ බීර නිෂ්පාදනය සියයට 30 කින්ද වසරේ පළමු මාස පහ තුළ ඉහළ ගොස්‌ ඇති බව මුදල් අමාත්‍යාංශයේ නවතම වාර්තාවකින් හෙළිදරව් වේ.

මෙසේ මත්පැන් නිෂ්පාදනය ඉහළ යැම සහ මත්පැන් සඳහා රජය අයකරන බදු වැඩිවීම නිසා මේ වසරේ පළමු මාස පහේදී (ජනවාරි - මැයි) මත්පැන්වලින් අයකරන නිෂ්පාදන බදුවලින් රජයට ලැබුණු ආදායම ගිය වසරේ (2010) පළමු මාස පහට සාපේක්‌ෂව සියයට 59 කින් ඉහළ ගිය බවද මුදල් අමාත්‍යාංශයේ එම වාර්තාවේ සඳහන්ය. ඒ අනුව 2010 වසරේ පළමු මාස පහේදී මත්පැන් වලින් ලද රුපියල් දශ ලක්‌ෂ 14257 ක බදු ආදායම මේ වසරේ (2011) පළමු මාස පහේදී රුපියල් දශලක්‌ෂ 22725 දක්‌වා රු. දශලක්‌ෂ 8468 කින් ඉහළ ගොස්‌ තිබීම කැපී පෙනේ.
 
Related Posts with Thumbnails