Ads 468x60px

.

දුමින්දට සිහි නැතිවන ගතිය තවමත් පවති

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට විටින් විට සිහි නැතිවන ගතිය තවමත් පවතින බවත් ඔහු මේ වනතෙක්  කිසිදු වචනයක් කතා කර නොමැති  බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා ඇතැම් විට වෛද්‍යවරුන් ලබා දෙන උපදසේ අනුව ප්‍රතිචාර දක්වන බවද වාර්තාවේ.පසුගිය දිනෙක් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා එක් අතක් උපයෝගී කර ගනිමින් ‘අම්මා’ යනුවෙන්ලියා තිබු බව වාර්තාවිය.

රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සචේන්ද්‍ර ගමගේ මහතා කියා සිටියේ දැනට දුමින්ද සිල්වා මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර සමාලෝචනයන් සිදු කරමින් සිටින බවයි. මොළයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් මොළයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි සිදුවීමට ඉඩහැරීමට අවස්ථාව සළසා දීමේ පරීක්‍ෂණ සිදු කරමින් පවතින බවත් වෛද්‍ය ගමගේ මහතා පැවසීය.

එසේම මන්ත්‍රීවරයාව ක්‍රමයෙන් ඝන ආහාරවලට පුරුදු කිරීමටද වෛද්‍යවරු තීරණය කර ඇති බවත්සම්බන්ධයෙන් සුදුසු තත්ත්වයන් පිළිබඳව අවධාණය යොමු කරමින් සිටින බවද වෛද්‍ය සචේන්ද්‍ර ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
Related Posts with Thumbnails