Ads 468x60px

.

ලොකු සීයා’ හෙරොයින් සමග අත්අඩංගුවේ

මහබාගේ කෙළවරපිටිය ප්‍රදේශයේදී දේවාලයක කපු මහතෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබේ.ලොකු සීයා නමින් හඳුන්වන ඔහු ඊයේ පස්වරුවේ සිය රථයෙන් යමින් සිටියදී කිසියම් පිරිසක් විසින් පැහැර ගනු ලැබ ඇති බව පොලීසිය  පැවසීය.

වෑන් රථයකින් පැමිණි පිරිසක් එම පැහැර ගැනීම සිදු කර තිබේ.අදාළ පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන් පිළිබදව මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත.ජෝතිශ්‍ය උප දේශකයෙකු වන රාගම ‘ලොකු සීයාට’ අමතරව,‘පොඩි සීයා’ හා ‘චූටි සීයා’ නමැති අයවලූන්ද නම ගිය අමාත්‍යවරයකු යටතේ ජෝතිශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.

ගෙවල්වල භූමි දෝෂ සොයා බලන ජෝතිශ්‍ය විශේෂඥයින් ලෙස මාධ්‍ය හරහා පෙනී සිටි ‘ලොකු සීයා’ එම අමාත්‍යවරයාගේ පුත් සමග එක්ව මෙතෙක් සිදු කර ඇත්තේ කුඩු ජාවාරම් බව මේ වන විට හෙළිදරව් වී තිබේ. එම අමාත්‍යවරයාගේ පුත් ශී‍්‍ර ලංකාවට ‘ඊ ටැබ්ලට්’ නමැති මත් පෙති ගෙන්වන ප‍්‍රධාන ඒජන්තයා ලෙසද කටයුතු කරයි.

ලොකු සීයා හෙරොයින් කිලෝ 06 ක් සමග ඊයේ (27) අත්අඩංගුවට පත් වී තිබේ.
 
Related Posts with Thumbnails