Ads 468x60px

.

දුමින්දට දැන් හොඳයි - බතුත් කනවා - කතාත් කරනවා

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මේ වන විට බොහෝ සෙයින් යතා තත්වයට පත්වී ඇති බව එහි වෛද්‍යවරුන් වාර්තා කරනවා.ඒ අනුව 26 වනදා වන විට මුමුනමින් සිටි දුමින්ද සිල්වා මේ වනවිට වෛද්‍යවරුන් සමග හොදින් කතා කිරීමට පටන්ගෙන තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා මේ වනවිට වෛද්‍යවරුන් සමග කථාබහ කරන බව ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරු පවසති.මන්ත්‍රීවරයාට සැත්කම සිදුකළ ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය පැවසුවේ, වෛද්‍යවරුන් විමසන ප්‍රශ්නවලට මන්ත්‍රීවරයා ඉතා හොදින් පිළිතුරු දෙන බවයි.මේ වනවිට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට බත් ආදී ඝන ආහාර ලබාදීම ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළාය.

වෛද්‍යවරිය පැවසුවේ, තවත් මාස 4ක් පමණ ගතවන විට දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය වනු ඇති බවයි.
 
Related Posts with Thumbnails